අද තමයි මගේ Jae ස්කෝලෙ එන අන්තිම දවස...මොකද එයා දැන් විභාගෙ ලියලා ඉවර නිසා ආයි ස්කෝලෙ එන්න ඕනි වෙන්නෙ නැහැ...
මේ වෙනකොට අපේ ආදරෙට මාස 7ක් වෙනවා...
සීතල දෙසැම්බරයේ ස්කෝලෙ ඉන්න අන්තිම දවසෙ එයාගෙ යාලුවො එක්ක ඉන්න දීලා එදා මම එයාගෙන් ඈත් වෙලා හිටියෙ මාව දැක්කම එයාට ඔක්කොම අමතක වෙන නිසා...🤭
ඒත් එයා මාව හොයාගෙන පන්තියටම ඇවිත් මාව ඇදගෙන ගියේ ලොකු දෙයක් කියන්න තියෙනවා කියලා...
පන්තියෙ ඩෙස් එකක් උඩට නැගපු Jae උගුර පෑදුවෙ හැමෝටම ඇහෙන්න...
"අහම්...අහම්...
මට ඔයාලට කියන්න අද විශේෂ දෙයක් තියෙනවා....
ඒ මගෙ first love එක ගැන..."
වැඩ කර කර හිටපු ඔක්කොම අය එයාලා කරපු වැඩ නවත්තලා Jae දිහාවට ඇරුනා...
"Eun kii...
මම දැකපු අහිංසක ම ලස්සනම කෙනා...
ඒ වගේම මගෙ පලවෙනි ආදරේ...
මම අද ප්‍රකාශ කර සිටිනවා Eun kii කියන්නෙ මගේ girlfriend බව...
love is love..."ඒ ඔක්කොම කියලා ඩෙස් එකෙන් බැහැපු jae මගෙ ලගට ඇවිත් අර දෙනෝ දාහක් මැද්දෙ මගෙ තොල් අල්ලගත්තෙ මට හිතන්නවත් වෙලාවක් නොතියා...
එදා ඒ කරපු වැඩේ නිසා අපේ ජීවිත හිතුවට වැඩිය ගොඩක් වෙනස් වෙලා ගියේ කවුරුහරි ඒක Video කරලා තිබුණ නිසා....
පහුවෙනිදා ගණන් පීරියඩ් එක වෙලාවේ Jae I ගෙ අම්මා මාව හම්බෙන්න ආවෙ මට බනින්න කියලා මම හිතුවත් එයා පන්තියෙන් මාව අරගෙන ළඟ තිබ්බ කොෆි ශොප් එකකට මාව එක්කගෙන ගියේ ටිකක් කතා කරන්න ඕනි කියලා...
"ඔයා දන්නවනෙ අපි කවුද කියලා...එහෙම නේද?"
බිම බලාගෙන ඔලුව වනපු මම කොෆි එක හැන්දකින් කලවම් කරන්න ගත්තෙ හිතට දැනෙන බය පොඩ්ඩක් අඩු කරගන්න කියලා හිතාගෙන...
"තමුසෙ දන්නවද තමුසෙලා ඊයෙ කරපු දේ නිසා අපේ පවුලට කොච්චර අවනම්බුවක් ද උනේ කියලා?"
"දන්නෑනේ...හරි කමක් නෑ...මෙච්චරයි කරන්න ඕනි, Jae I එක්ක තියෙන හැම සම්බන්ධයක්ම නවත්තන්න ඕනි...නැත්තම්-"
"ඒත් මම Jae Iට ආදරෙ කරන්නෙ ඇත්තටමයි...මට බෑ එයාගෙන් වෙන් වෙන්න"
හිතේ තිබ්බ හයිය අරගෙන කියලා දාපු මම එතනින් නැගිට්ටෙ තවත් එතන ඉන්න බැරි නිසා...
"එහෙනම් මම එයාව අපේ පවුලෙන් අයින් කරලා දානවා...එතකොට එයාට හිඟා කරන්න තමා වෙන්නෙ"
ඒ කියපු දේ නිසා මම Jae I ගෙ අම්මා දිහාවට හැරුනෙ මේ මොකද්ද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව...
"හොඳට හිතන්න..."
එකපාර නැගිටපු එයා බිලත් එවලා මට අමුතු හිනාවකින් සංග්‍රහ කරලා කොෆි ශොප් එකෙන් එලියට ගියා.....
||||||||||||||||||||||||||||||||||||
"Eun kii..!!"
මම ඇහැරුනේ jae Iගේ කෑ ගැහිල්ලට...
"අහ්...මොකද බෙරිහන් දෙන්නෙ,මම බය වුණා..."
"මමත් බය උණා මෝඩීයේ,එකපාර අනේ එයා මගේ කියලා අඩන්න ගත්තම...
ඒක නෙමෙයි,කවුද දැන් ඔයාගෙ😂?"
"අනේ මේ,ඔයා පාඩම් කරනවනම් ඒක කරන්න...හුම්"
"මගේ කෝපි එක ඕනි"
"හම්මේ....කපටිම නෑ,ඉන්න මං හදලා ගේන්නම්"
ඇදෙන් බැස්ස මම Jae I ට කෝපි එකක් හදන් එන්න කුස්සියට ගියා...
final exam එක ළඟ නිසා මම Jae I එක්ක එයාගෙ ගෙදර නැවතුනා...
කලින්ට වැඩිය මහන්සි වෙලා එයා ඉගෙන ගන්න හැටි දැක්කම මට එන්නෙ නිහතමානී ආඩම්බරයක්....මම කෝපි එක හදන ගමනුත් කල්පනා කලේ මම ඒ දැකපු හීනෙ ඇත්ත උනොත් මොකද කරන්නෙ කියලා...
කොහොමහරි එයා මේ විභාගේ හොඳට පාස් වෙලා uni ගියොත් හරි...නැත්තම් මොනව වෙයිද දන්නෑ....මම එහෙම හිත හිත Jae I ට කෝපි එක හදලා දීලා වෙලාව බැලුවෙ උයලා, ස්කෝලෙ යන්න ඕනි නිසා...
මම ආපු නිසා Jae I එයාගෙ සවන්ට්ලට නිවාඩු දුන්නානෙ...😒මටමයි වෙන්නෙ...තාමත් වෙලාව 4.00යි...
ඒත් දැන් නිදාගෙන වැඩක් නැති හින්දා මම ආයෙ කුස්සියට ගියේ මොනවා හරි හදන්න හිතාගෙන..._____________________________
🙂🍃
YOU ARE READING
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022