17.Blind love

77 16 10
                                    

"කොහෙද බලන් ඉන්නෙ!?"

"ඔයා දිහා බලන් හිටියෙ..."

"අහ්,ඒනම් කමන්නෑ.."

"හුහ්,අනේ මම මේ ලස්සනකට බැලුවා නෙමෙයි...අයිස්ක්‍රීම් එක වැටෙයි කියලා මම බය උනේ"

"හුම් හුම්...කමන්නෑ"

අයිස්ක්‍රීම් තොල ගාන ගමන් Jae I කතා කරන්න ගත්තෙ එයාගෙ දෙමාපියන්ගෙන් මම පරිස්සම් වෙන්න ඕනි විදිය ගැන...
හම්මෝ,ඒ ලෙක් එක...

"-මෙහෙමයි හරිද අපෙ අම්මට අහු වෙන්න එපා,එයාව ගණන් ගන්න එපා,එයාට බය වෙන්නත එපා,කොටින්ම එයාව තඹේකට මායිම් කරන්න එපා...එතකොට පපා,එයා ගෙන්නම් එච්චර කරදරයක් වෙන එකක් නෑ,මොකද එයාට වැඩ තියෙනවා...ඔයා පරිස්සම් වෙන්න ඕනි අම්මගෙන්-"

එයා කියවන අතරෙ මම park එක වටේ ඇස් යැව්වෙ හුරු පුරුදු කෙනෙක් ඉන්නවද කියලා බලන්න...

ඒත් මම දැ⁣ක්කෙ මට මාස ගානක් තිස්සෙ මඟ ඇරුණ ⁣ඒ කෙනා...
Park එක කෙලවරේ වාඩි වෙලා පොඩි කොලු පැටියෙක් දිහා බලාගෙන හිටපු එයා චිත්‍රයක් අදින ගමන් හිටියෙ....

Jae Iවත් අමතක කරලා මම දුවලා ගියේ ඒ කෙනා ළඟට...























































"Ji Hung!!"

එයා ළඟට ගිහින් මම කතා කලේ එයා බය වෙලා මගෙ දිහා බලද්දි...


"E-Eun K-Kii!, ඔයා මොකද මෙහෙ කරන්නෙ?"

Ji hung ගෙ හඬ නිසාදෝ එයා බලාගෙන හිටපු පොඩි කොල්ලා ඇවිත් Ji hungගෙ කරේ එල්ලුනේ අම්මේ.... කියාගෙන...

"Ji Hung ඔ-"

"මම දන්නවා ඔයාට අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා...ඒත්,මෙතන නෙමෙයි"

මගෙ දිහා බලාගෙන එහෙම කියපු එයා, පොඩි දරුවා දිහා බලාගෙන ආදරෙන් කතා කලේ ගෙදර යන්න එයාව කැමති කර ගන්න...

ඒ පොඩ්ඩාටත් දඟලලා මහන්සි නිසා Ji hung ගෙ බෙල්ල අස්සෙ මූන හංගගත්තා...

"ඔයා කැමතිනම්-"

"මම එන්නම්..."

ඒ එක්කම වගේ මගෙ ළඟට දුවන් ආපු Jae I ,Ji hung එයාගෙ බඩු අස් කරන අතරෙ මට රහසින් කතා කලා....

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Où les histoires vivent. Découvrez maintenant