අපි අතර විනාඩි කීපයක නිශ්ශබ්දතාවයක් තිබුණා...ඒ විනාඩි කීපය තුල Jae I මුලු තේ කෝප්පටම බීලා ඉවර කරලයි තිබුණෙ...මම ඒක ඇද් කොනින් හොඳට දැක්කා....
"Eun kii!!"
"Mmmm...."
"මම දෙයක් අහන්නද?"
"මොකද්ද?"
"ඔයා හිතන්නෙ කෙල්ලෙක්,කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද?"
"pfuf...කැහ්...කැහ්...කැහ්..."
"අයියෝ හිර කරගන්නෙ නැතුව තේ එකක්වත් බොන්න බැරිද?"
"මොකද්ද ඔයා ඉස්සෙල්ලා ඇහුවෙ?"
"මම ඇහුවෙ කෙල්ලෙක් කෙල්ලෙක්ටම ආදරේ කරන එක වැරදිද කියලා..."
හුළං පාරක් වේගයෙන් හමාගෙන ගියේ අපි අතර තිබ්බ නිශ්ශබ්දතාවය මකන්න වගේ...
"උත්තර දෙන්න...."
"මෙහෙමයි,මගේ තියරියට අනුව ඕන කෙනෙක්ට ඕනි දේකට,කෙනෙකුට ආදරේ කරන්න අයිතිය තියෙනවා...ඒ වගේම බැදීම් ඇති කරගන්න අයිතියකුත් තියෙනවා...ඉතින් මට අනුව ඒකෙ ප්රශ්ණයක් නෑ"
"එතකොට කවුරුහරි කෙල්ලෙක් ඔයාගෙන් කැමැත්ත ඇහුවොත්..ඔයා දෙනවද?"
"ඒක සාපේක්ෂයි"
ඒ පාර එයාගෙ අතේ තිබුණ කෝප්පෙ බංකුව උඩින් තියලා නැගිට්ට Jae I ටිකක් එහාට වෙන්න තිබුණ වල් මල් ගහකින් මල් පොකුරක් හදාගෙන ආයි බංකුව පැත්තට ඇවිදන් ආවේ බර අඩි තිය තිය...
"එතකොට කවුරුහරි කෙල්ලෙක් මෙන්න මෙහෙම දණ ගහලා,
"Eun kii! I love you !Please accept me!"
කියලා කියුවොත් එහෙම?"
මගේ ඉස්සරහින් එක දණහිසක් පොලොවට බර කරලා දණ ගහගත්ත Jae I,එයා අතෙ තිබ්බ මල් මිටියත් මට දික්කර ගෙන ඔලුවත් පැත්තට කරලා මගේ දිහා බලාගෙන හිටියේ හැමදාම මගේ ඒ නිල් ඇස්වල මාව අතරමං කරලා....
'ඒ ඔයා උනානම් එහෙම වෙන්න තිබුණා...'
"එහෙම උනොත් මම එයාට කැමතී නම් හා කියනවා.."
Jae Iගෙ කෝප්පයත් අරගෙන ආයෙ ගේ ඇතුලට යන්න හිතාගෙන නැගිට්ට මම Jae I එතනම ඉද්දි ගේ පැත්තට හිමින් හිමින් ඇවිදන් යන්න ගත්තා...හැබැයි මට තියන්න පුලුවන් උනේ අඩි දෙකක් විතරයි....
ESTÁS LEYENDO
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022