20.Blind love

78 14 8
                                    

///"තමුන් කවුරු කියලා හිතන් ඉන්නෙ?"

"මම මොකෙක් කියලා හිතන් හිටියත් ඔයාට මොකද!"

"ඕකිව අතෑරියෙ නැත්තම් දේපළත් නෑ"

"මට ඕවයින් වැඩක් නෑ..."

"දේපල විතරක් නෙමෙයි,ඒ කෙල්ලගෙ අම්මා තාත්තාත් මම මේ ලෝකෙන් තොලොන්චි කරනවා"///

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.....
..............
.........................
............................................
..................................................................
....................................……………………………………

ගස්වල මුල් උඩින් පැන පැන, කටු අතු වල ගෑවී-නොගැවී අපි කැළේ ඇතුලෙන් ඇවිදන් ගියෙ ලස්සන එලිමහනකට...
එලිමහනක් කියුවට ඒක නිකම් පරාදීසයක් වගේ...
හරිත පාටවලින් හැඩ වෙලා තිබ්බ ගස් වැල් වලින් වට වෙලා තිබ්බ මෙ තැන තණබිස්සකින් වෙලාගෙන තිබුණෙ සීතල පිනි බින්දු වැටෙන්න නොදී අල්ල ගන්න වගේ...
උදේම නොවුණත් තාමත් හරිම සෞම්‍ය සිසිලසක් එතැනට ලැබිලා තිබුණෙ ඒ සමානම හිරු ⁣එළියෙන් අවට ගස් මුදුන් හැඩ කරලා අමුතුම දීප්තියක් ලබා දීලා තියෙද්දි...

කොළ පාට තණකොලවල සීතල විදින්න කියලා හිතලා මම සපත්තු දෙක ගලවලා අතට ගත්තෙ ගෙදර පුරුද්දට වගේ...

පොකුණ ළඟට වෙනකම් දුවපු පෙකුණෙ ඉව්රට වෙන්න තිබ්බ එකම ටුවෙ හැදිච්ච නෙලුම් මල් දෙකක් කඩාගෙන පොකුණෙ ඉවුරෙන් වාඩි වෙලා වතුරට කකුල් දෙක ඔබා ගත්තා...

"ඔයා දන්නවද ඔය මල මොකද්ද කියලා?"

"ම්හුම්...හැබැයි ඒක ලස්සන මලක්...මම කලින්නම් මෙහෙම මලක් දැකලා නැහැ.."

"ඕවාට කියන්නෙ thin de කියලා...වියට්නාමෙ එක පළාතක විතරලු ඔය මල් වර්ගෙ හැදෙන්නෙ...."

"වියට්නාමෙ මල් මෙහාට කොහෙන්ද?"

සපත්තු දෙක ගලවලා පැත්තකින් තිබ්බ Jae I මගෙ ළගින්ම වාඩි උනේ වතුරට කකුල් දෙක ඔබා ගන්න ගමන්...

"මම එක පාරක් වියට්නාමෙ ගියාම අක්කා ඔය මල් ඇට ගෙනල්ලා මෙහෙ පැළයක් හදා ගත්තා...එයාට පැල කරන්න බැරි පැලයක් නෑ"

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Onde histórias criam vida. Descubra agora