"කැහ්...කැහ්...
ඔයා කොහොමද මගෙ අක්කාව දන්නෙ?"
"අහ්, තමන්ගෙ පළවෙනි ආදරෙ අමතක කරන්න තරම් මම පහත් වෙලා නෑනේ"
මම ඇස් ලොකු කරන් මේ දේවල් අහගෙන හිටියා...එයාට අක්කා කෙනෙක් හිටියා කියලා ඇයි මම දන්නැත්තෙ කියලා කල්පනා කරන ගමන් මම Ji hung ගෙන් Jae I ගෙ අක්කා ගැන ඇහුවෙ එයා මොන වගේද දැන ගන්න...
"Jae I,ඔයාගෙ අක්කාට මැරෙන්න උණ එක හේතුවක් මම....එදා එයා මට හම්බුණේ නැත්තම් එයා තාමත් ජීවත් වෙනවා...
එදා ඔයාගෙ අක්කා මට ආදරෙයි කියුවෙ නැත්තම් තාමත් එයා ජීවත් වෙනවා...
ඒත්,එදා ඔයාලගෙ අම්මා එයාට එච්චර ලොකු
Pressure එකක් දුන්නැත්තම් එයා අද ජීවත් වෙන වෙනවා...""මොකද්ද ඒ කතාව?"
"ඔයාගෙ අක්කා කෙල්ලෙක්ට කැමතී කියලා දැනගත්තම Mrs.Kim එයාට දිගින් දිගටම අපහාස කලා,ඒ වගේම හැම වෙලේම Sleeping Tablets දීලා එයාව නිදි කරලා තිබ්බා...ඒකයි ඔයාගෙ අක්කා අවසාන කාලෙ ගොඩක් ඇඳට වෙලා හිටියෙ...
අවසානෙට ඒවා දරා ගන්න බැරි හින්දා එයා අපිව දාලා යන්නම ගියා....
එයා යන්න කලින් මට ලියුමක් එවලා තිබ්බා....මේ හැම දෙයක් ගැනම...එතකොට මමත් ඔයාගෙ වයසෙ Eun kii, මම තනි උණා...ඒ තනිකම මකා ගන්න තමා මම චිත්‍ර අදින්න ගත්තෙ...
ඒත්,ඔයා ආවාම ඒක ටිකක් අඩු උණා...ඒත්,ඔයත් මාව ටික ටික මඟ ඇරලා ගියා..."
ඒ වෙලාවෙනම් මට දැනුනෙ කියාගන්න බැරි දුකක්....කොච්චර දේවල් දරාගෙන ද ඉන්නැත්තෙ Ji hung....
"එතකොට ඇයි මෙහාට ආවේ?"
"මට හිටියෙ මගෙ අක්කා විතරයි....ඒත්, එදා ඔයා මාව හොයාගෙන ආපු දවසෙ මට බූසාන් වලින් කෝල් එකක් ආවා අක්කයි, අක්කගෙ Husbandනුයි, මේ චුට්ටයි accident වෙගා කියලා...
ඒකයි මම එදා එහෙන් ආවේ...ඒත්,මම එහාට යද්දිත් ඒ දෙන්නා යන්නම ගිහින්...මේ පැටියා මේ ලොකෙ තනි කරලා එයාලා යන්නම ගියා..."
"සමාවෙන්න අක්කෙ"
ඇස්වලින් වැටෙන කදුලු,නිමක් කැතුව ඔහේ ගලාගෙන යද්දි මම පැනලා Ji hungව බදා ගත්තෙ,සමාවෙන්න කියන ගමන්....
VOUS LISEZ
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
Roman d'amourSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022