එයා කලබලෙන් මට කියද්දි මම මගෙ නහය ළඟට අත අරගෙන ගියා...
"අහ්....ම්-මම ඔයාට සමාව දුන්නා, Jae-"
අවසාන ටික කියන්න කලින් මගෙ ශක්තිය හීන වලා ගියේ ඇස් යටිනුත් කදුළු වගේ මොනවාහරි ගලනවා කියලා දැනෙද්දි...
Jae I මාව වැටෙන්න නොදි අල්ල ගෙන ඇඳ උඩින් තිබ්බෙ පොඩ්ඩක් ඉන්න කියන ගමන්...ඒත් මට කෝ තව වෙලාව?
මම Jae Iගෙ අතින් අල්ලලා නැවැත්තුවෙ බොහොම අමාරුවෙන් මාත් එක්ක ඉන්න කියලා කියන ගමන්...
"මෙහෙම වෙන්න බෑ...දැන් මොකද කරන්නෙ?"
එයා ගොඩක් බය වෙලා...ඔව් ඉතින් මම මැරුනොත් එයාලට වඟ කියන්න වෙයි කියලා හිතලා වෙන්නැති...
"මට තියෙන ආයුෂ මෙ-ච්චරයි...ඔයා සතුටින් ඉන්න Jae I...එයා ඔ-ඔයාට ගැලපෙනවා...මේක ඔයාගෙ වරදක් නෙමෙයි...ඔය දෙන්නා ළමයි ගොඩක් හදන්න...හ-හදලා එක්කෙනෙක්ට මගෙ නම දාන්න... කොහොමත් මේ බැදීම අසම්මතයිනේහ්...කොයි වෙලේවත්- ජීවිතෙන් පැනලා යන්න එපා..."
බොහොම අමාරුවෙන් වචන එකතු කරගත්ත මම ඒක එයාට කියලා සන්සුන් හිනාවකින් එයාට සංග්‍රහ කලා...
මගෙ ඇස් දෙකෙන් කදුළු වෙනුවට ලේ ගලනවා කියලා තේරෙද්දි මම ඉක්මනට මගෙ අතේ ගුලි කරගෙන හිටපු එදා Jae I දුන්න ලෙකට් එක එයාට දුන්නා...
මගෙ ඇඟ මටම බරක් කියලා දැනෙන වේදනාවක් දැනුනත් ඒ එක්කම මගෙ ඇස් පියවිලා ගියේ ඉහලට ගත්ත හුස්ම ආයෙ නොවැටීයද්දි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.Author POV
මුලු පරිසරයම නිහඬව ගියාක් වැනිය...පහත මාලයෙන් නා නා වර්ගයේ ගීතයන් ඇසුනද ඉහල මාලය අස්වාභාවික නිහඬ බවකින් වෙලී ගියේ ය....
"Eun K-kii
Eun kiii!!!!"
මහ හඬින් සයනෙහි මරණයෙ දෙව්දුවගේ තුරුලෙහි නින්දට වැටුණු Eun kiiව ඇහැරවන්නට Jae I බොහො වෙහෙසක් දරන්නට විය...
"Eun kii, මට ඔහොම කරන්න එපා...
යන්න එපා...කරුණාකරලා..."ස්වල්ප වේලාවකට පසුව එම නිශ්පල උත්සහය අතහැර දැමූ ඇය, මහ හඬින් හඬා වැටුනා ය...
"Eun kii! අනේ...මට සමාවෙන්න,අපෙ අම්මා ඔයාගෙ අම්මායි තාත්තායිත් මරලා දාපු නිසා මට ලොකු බයක් දැනුනා...ඒ බය නිසාමයි මම ඔයාව අතැරියේ...ඒත්,මගෙ හිත මෙහෙම වෙන කෙනෙක් එක්ක පැටලුණෙ ඔයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා කට්ටිය කියපු නිසා....
ඒ්ත් මම වැරදී...
මමයි වැරැද්ද කලේ...
සමාවෙන්න....අනේ, ආයෙ එන්නකො..."එක්වරම Eun kiiගෙ ගෙල පැළඳි මාලට දිදුළන්නට විය...දීප්තිමත් කලුපැහැති ගල් සතරින් දීප්තිමත් ආලෝකයක් ලබා දුන් අතර විනාඩි කිහිපයක් අතර Eun kii ගේ සිරුරේ සෑම කොටසක් පාසා කළු පැහැති සමනලුන්ගෙ හැඩ ගන්නට විය...
පාදාන්තයේ පටන් සම්පූර්ණ සිරුරම සමනලුන් බවට හැරීමට ගියේ ඇසිපිය හෙළනා තරම් සුළු කාලයකි...දීප්තිමත් ව දිදුලන කළු සමනලුන් කාමර වටා පියාසලන්නට විය...
අවසානටය යහනමත ඉතිරි වූයේ කළු පැහැති ගල් එබ්බවූ මාලය පමණි...ක්ෂණයකින් එයද අතුරුදහන්ව ගියේ මේ සම්පූර්ණ ක්‍රියාවලියම Jae I හට ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ය...
' Jae I....love u.....forever '
Eun kiiගෙ අවසන් හුස්ම වාතලයට එකතු වූවාක් වන් සිහින් හඬක් සුළඟ සමඟ මිශ්‍රව කාමරයෙහි තිබූ ජනේලයෙන් පිට වී ගියේ දිලිසෙන කාල වන් සමනලුන්ද රැගෙනය....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
𝔼ℕ𝔻✧・゚: *✧・゚:*✧・゚: *✧・゚:*✧・゚: *✧・゚:*
ඉවරයි ඉවරයි කියලා හිතුවට එහෙම නෑ බොලව්...😭
Author note එකත් බලලා පලයව්..නැත්තම් වැඩක් නැහැ....😂🧪🦋
KAMU SEDANG MEMBACA
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomansaSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022