16.Blind love

72 15 11
                                    

*ට්‍රීන්...ට්‍රීන්*

"කවුද මේ උදේ පාන්දර එන්නෙ?
eun kii!! අනේ කවුද ආවෙ බලන්නකෝ"

Jae I පාඩම් කරන ගමන් බෙරිහන් දුන්නෙ මම කුස්සියෙ උය උය ඉද්දී...
මොනා කරන්නද ඉතිම්...මේ උදේ ⁣එන්න ඉන්නෙ කවුද මන්දා...

මම එහෙම හිත හිත ගිහින් දොර ඇරියෙ කවුද කියලා බලන්න...

"Jae - අහ්,ඔයා කවුද?"

"Mrs.Kim?"

මම පුදුමෙන් එයා දිහා බලාගෙන හිටියෙ මම එයා සජීවීව දැක්ක පලවෙනි පාර නිසා...

"කවුද ආවෙ Eun kii!!"

කාමරෙ හිටපු Jae I දොර ළඟට ආවෙ, කවුද ආවෙ කියලා බලන්න....

"අහ්..මමා,ඔයා මොකද මෙහේ?"

"ඇයි මට එන්න බැරිද?"

මාව දැක්කෙවත් නෑ වගේ ගෙදර ඇතුලට ඇවිත් සෝෆා එකෙන් වාඩි වෙච්ච Mrs.Kim,Jae I එක්ක කතා කරන්න ගත්තා...

"ඔයා අපිව බලන්නවත් එන්නෙ නෑනෙ...so, මම ම ආවා ඔයාව බලලා යන්න"

එයාලා දෙන්නට කතා කරන්න කියලා මම ආයෙ කුස්සියට යන්න හැරුනෙ කාලෙකින් හම්බුණ අම්මටයි,දුවටයි පාඩුවෙ කතා කරන්න දීලා...

"ඒයි ඔය කෙල්ල,මට හොට් චොකලට් එකක් හදලා ගේනවා!!"

එක පාරටම මම ඇරිලා බැලුවෙ ඒක මටද කියුවෙ කියලා බලන්න...

"මොකද්ද බලන්නෙ,වැඩකාරයෙක් නම් ඒ විදියට ඉන්නවා,දැන් යනවා මට හොට් චොකලට් එකක් හදනවා!!"

"හ-හරි මැඩම්"

එයා එක්ක කතා කරන්න යන්නැතුව මම කුස්සියට යන්න ආයෙ හැරුනෙ Mr.Kim ට හොට් චොකලට් එකක් හදලා දෙන්න....

"Eun kii!! ඔතනින් අඩියක් කුස්සිය පැත්තට තියන්නෑ....ඔයා මගෙ වැඩකාරයෙක් නෙමෙයිනේ..මගෙ ළගට එන්න"

මම ගැස්සිලා ගිහින් වැටෙන්න ගියේ Jae I ගෙ කටේ සද්දෙට...යන්තම් ළඟ තිබ්බ සෝෆා එකට අත තියලා නොවැටී බේරුන මං එයා⁣ ළඟට ගිහින් හිට ගත්තෙ බිම බලාගෙන...

"අහ්,වැඩකාරයෙක් නෙමෙයිනම් මේ කවුද?"

"අහ්,එ-එයා මගේ ග-"

"මම එයාගෙ හොඳම යාලුවා Mrs.Kim"

Jae I ඇත්ත කියන්න කලින් මම ඔහේ කියලා දැම්මෙ එයාගෙම හොඳට...

"හ්ම්ම්...දැන් ඇයි ඔය ළමයා මෙහෙ ඉන්නෙ?"

"එයා ඉන්නෙ මගෙ විභාගෙට උදව් කරන්න"

"මොන විභාගයක්ද?"

"මගෙ Final exam එකට..."

"අහ්, හවසට පපාත් එනවා කියුවා...අපි සතියක් මෙහෙ ඉන්නවා..."

"ඔයාලා!? මෙහෙ කාමර දෙකයිනෙ තියෙන්නෙ..."

"ඒක මගෙ ප්‍රශ්නයක් නෙමෙයි...මේ ළමයාව ඔයාගෙ කාමරෙ තියාගන්න"

මම ඔලුව උස්සලා බැලුවෙ Jae I දිහා...
කොහොමත් මම එයාගෙ කාමරේ තමා හිටියෙ...

"හ්ම්...අපිට දැන් පරක්කු වෙනවා,Eun kii මම ඔයාට උයන්න උදව් කරන්නම්..."

මාත් එක්කම කුස්සිය ගිය Jae I භාජන සෝදන ගමන් මගෙ කනට කරලා රහසින් කතා කලේ කාට හරි ඇහෙයි කියලා බයෙන් වගේ...

"අහන්න බබා, අපෙ අම්මාගෙන් ඔයා පරිස්සම් වෙලා ඉන්න...එයා මේක දැන ගත්තොත් ඔයාට මොනා කරයිද දන්නෑ....ඒක නිසා එයාගෙන් පරිස්සම් වෙන්න...plz"

කෑම හදලා බෙදාගෙන අපි ලෑස්ති උනේ ස්කෝලෙ යන්න...
යන්න කලින් Jae I එයාගෙ කාමරේ lock කරන්නත් අමතක කලේ නෑ...

කිසිම කතාවක් නොකර ගරාජ් එකේ තිබ්බ බයික් එක අරන් ආපු එයා මාවත් අරන් ස්කෝලෙට ගියේ, හවස park එකට යන්න එන්න කියලා මතක් කරලා...

ස්කෝලෙ ගියත් එක හිතකින් මට පාඩම් වලට අවදානෙ දෙන්න බැරි උනේ උදේ දැක්ක හීනයයි,Mr.Kim ගෙ පැමිණීම නිසා මගෙ හිත බයකින් වෙලිලා තිබ්බ නිසා වෙන්නැති...

හවස park එකට ගිහින් සුපුරුදු බංකුවෙන් වාඩි වෙච්ච මම Jae I අයිස්ක්‍රීම් අරන් එන දිහා බලාගෙන කල්පනා කලා...






'තව කොච්චර කාලයක් ඔයා මගේ වෙලා ඉදීද?'

______________________________

🙂🍃මේක ඉම්මනට ඉවර කරන්න හිම්තෙනවා මට...

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Donde viven las historias. Descúbrelo ahora