විවාහය කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති ඉන්සු අද උදේ මනාලියක් උනේ මින් group එකේ එකම අනාගත අයිති කාරයට...
ඒ මින් යූන්ගිට....
V.I.P Hotel Room එකක මේ වෙද්දි ඉන්සු උන්නෙ ඊලඟට මොනා වෙයිද කියල හිත හිත...
සුදු පාට පුලුන් ගොඩක පරීසමට තියපු පුංචි මලක් වගේ උන්න මේ බෝනික්කි ඇහැ යැව්වෙ කාමරේ පුරා වැටිල තියන රතු රෝස පෙති වලට.. ඒ දිගේ ඇස් අරං ගිය කෙල්ල දැක්කෙ කන්නාඩි මේසෙ උඩ තිබුන රතු රෝස පුරෝපු මල් වාස් එක.. අතේ කොනිති ගගහ උන්න මල් පොකුර ඇඳෙන් තියල ගව්මත් උස්සගන එයා ඒ මල් වාස් එක ගාවට ආවා....මේ අතරෙ මූනෙ කිසිම හිනාවක් නැති යූන්ගි කෝට් එකත් ගලවගන ටයි එකත් බුරුල් කරන ගමන් කාමරේට ඇවිල්ල දොර අරිනවා....
සුගා දොර ඇරන් ටික වෙලාවක් කෙල්ල දිහා බලන් ඉන්නවා තරහකුත් නෑ සතුටකුත් නෑ හිස් බැල්මක් එයාගෙ මූනෙ තිබුනෙ....කෙල්ල දකින්නෑ සුගා ආව විත්තියක් එයා දොර පැත්තට පස්ස හරෝලා හිටං ඉන්නේ. ඉන්සු රෝස මලක් අත අග ගගා තනියම හිනා වෙනවා. ඒ ටිකෙන් ඉස්සරහ බලද්දිම තමා ඉස්සර කණ්ණාඩියෙන් සුගාව එයා දකින්නෙ....
අර මූනෙ තිබුන හිනාව නැතුව ගිහින් කෙල්ලට හරි ලැජ්ජාවක් එනවා. එයා බිම බලන් ඉදලා හිනාවක් දාගෙන ආයෙ කණ්ණාඩියෙන් සුගා දිහා බලද්දිම සුගා ඇතුලට ඇවිල්ලා කෙල්ලව ගණන් නොගෙන කෝට් එකත් ටයි එකත් ඇඳට විසික් කරල වොච් එකත් ගලවල ඇඳට විසික් කරල ශර්ට් එකේ අත් දෙකත් නමාගන ආයම යන්න හැරෙනවා.. ඒ ක්ශනිකවම සුගාගෙ පෝන් එක රින්ග් වෙන්න ගන්නවා...
කෙල්ල දිහා බලල කාමරේ බැල්කනි එකට සුගා යන්නෙ කාමරෙත් බැල්කනියත් වෙන් වෙන්න තිබුන ග්ලාස් ඩෝ එකත් දාගන. විනාඩි දෙකකින් විතර කොල්ල ආයම කාමරේට එන්නෙ පෝන් එක සාක්කුවට දාගන්න ගමන්ම.. ඒ එද්දිම සුගා දකිනවා කෙල්ල තාමත් කන්නාඩි මේසෙ ගාවට වෙලා ලැජ්ජාවෙන් එයා දිහාත් බිමත් බල බල නියපොතු කොනිත්තනවා...
සුගා කෙල්ල දිහා උවමනාවෙන් බලනවත් එක්කම ආයම එයාගෙ පෝන් එක Ring වෙන්න ගන්නවා..
📲 ( Babe 💕 )
සුගාගෙ කට කොනට චූටි හිනාවත් එක්කම එයා ක්ශනිකවම ඒ හිනාව අතුරු දහන් කරගන කෙල්ල දිහා බලනවා.. එයා තාමත් හිනා වේගන බලන් ඉන්නවා... සුගා පෝන් එක ආන්ස්වර් නොකරම කාමරෙන් එලියට යන්න යනවා.. ඒ යන දිහා බලන් උන්න කෙල්ලගෙ අර ලස්සන හිනාව හිමීට මැකිල ගියා...
YOU ARE READING
𝐃.𝐏 | 𝐒𝐆 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐈𝐍 𝐘𝐎𝐎𝐍𝐆𝐈 ( 𝐃𝐞𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞 ) 𝐃.𝐏 Ranking #01 #1 Msg #1 Smut #1 Sg . Suga " මං සැරයක් කිව්වනෙ මං කාල ආවෙ කියල.. තමුසෙ කනව පව් නොදී " 🤬 " ඔප්ප... ඇයි...