Capture - 3

3.2K 533 170
                                    

Let Me Help You 🩸

Xiao Zhan'S POV......

ජීවිතයේ විවාහය කියන්නේ ජීවිතයේ අපේ දෙවෙනි උපත.....
මේ ලෝකෙට උපත ලබපු දා ඉදලා අපි හැදී වැඩෙන උණුසුම ලබන රැකවරණය ලබන අම්මා තාත්තා සහෝදරයෝ එක්ක ගෙවපු ජීවිතය නිමා කරලා සැමියෙක් හෝ බිරිඳක් එක්ක ඉතුරු ජීවිත කාලෙම ජීවත් වෙන්න අපි ලස්සන හීන දකිනවා...
අම්මලා තාත්තලා සමාජය අපිට ඒ හීනය සැබෑ කරගන්න විවාහයේ රස ගැන අපේ හිත්වලට දාලා අපේ හිත් බලාපොරොත්තුවලින් පුරවලා දානවා...

" ජීවිතේ මැරෙනකන් ඉන්න කෙනෙක් ඕනි බං.."

" බැඳලා නැත්නම් ඌ අසම්පූර්ණ මිනිහෙක්.."

" කවදාහරි උඹට දෙයක් උනාම බලාගන්න කෙනෙක් ඕනි බන්.."

" තනියම ඉන්න බෑ.. අනිවාර්යයෙන් කෙනෙක් ඕනි.."

" අඩෝ උඹට ෆීලින්ග්ස් නැද්ද බන්...කොහොමද එතකොට ඕවා පිරිමහගන්නේ... උඹ හදන්නේ වටේ යන්නද... ගිහින් ලෙඩක් හදාගන්නද.. ඒ නිසා එකෙක් හොයන් ඌට කියලා කරගනින් බන්..."

" බැඳලා දරුවෙක් නැත්නම් ඒ ජීවිතේ මොකටද බන්..."

" ආදරේ කරලා බඳින්න පුළුවන් නම් තමා හොඳම...ඒත් ප්‍රපෝසල් කමක් නෑ..පස්සේ බරියෑ බැදලත් ආදරේ කරන්න.."

" බැඳපු උන් හැමදාම ගන්න සැප තනිකඩ අපිට නෑ බන්... "

" ජීවිතේ දුකට සැපට එකෙක් නැත්නම් පිරිමි නිකන් කුරුවල් වෙලා අවසානයේ කාත් කවුරුත් නැති මානසික ලෙඩ්ඩු වෙනවා බන්..."

සීතල ටයිල් පොලවේ ඊයේ එයාගේ සපත්තු අඩි පාරවල්... මේවා මොබ් කරත් යන්නේ නැති නිසා මම රෙදි කෑල්ලක් දාලා පොළොව තදින් පිහිදාන්න පටන් ගත්තා... නැත්නම් එයා ආවම මම දන්නවා මගේ කනට ගහනවා කියලා...
හැමදාම මට ගුටි කන්න බෑ...
ඒත් මම හැමදාම හේතුවක් නැතුවත් එයා බිව්වම ගුටි කනවා...

එයාව පපා මට යෝජනා කරාම මම එයාගේ කඩවසම් බවට පිස්සු වැටුණා...
ඒත් ඒ වෙලාවේ මම අන්ධ උනා..මම පිස්සෙක් වගේ හැසිරුනා....
ඒත් ඒ අන්ධ බව අපේ ජීවිත දෙකම ගොඩක් වෙනස් කරයි කියලා මට තේරුමක් උනේ නෑ....
අනික මම ආත්මාර්ථකාමී වෙලා රහසේම කරපු දේවල් සේරම එයා එකින් එක දැනගද්දී තවත් මම නිර්දෝශී කියලා මගේ හිත මට කිව්වා...

🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Where stories live. Discover now