Capture -51

1.5K 260 60
                                    

Let Me Help You -


Xiao Zhan's POV...

හිතන්න පලවෙනි දරුවා කුසට ආපු දවසේ ඉදලම මම හෙව්වේ මගේ මහත්තයාගේ උණුසුම සෙනෙහස ආරක්ෂාව ඒත් මට ඒ වෙනුවට ලැබුණේ මොනවද....
පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් එයා මටවත් මගේ කුසේ ඉන්න දරුවටවත් සැලකුවේ නෑ...
හිතට එන ආසාවල් මට සපුරගන්න ආයම්මා ඒ දේවල්වල මට උදව් කරත් එයාගේ අතින් දෙන දෙයක් හැර මට ලැබෙන දේවල් කප්පරක් තිබ්බා වුනත් ඒකෙන් ඇත්තටම  දැනෙන සැබෑ සතුට මොකක්ද ...
කුසේ ඉන්න පැටියට පවා ඕනි උනේ එයාගේ පපාගේ ආදරය....
ඒත් අපිට නොලැබුණ එකම දේ උනෙත් ඒක...

හිත හදාගන්න හරි අඩුම තරමින් බඩකුත් උස්සගෙන විදවපු මට එයා එක බැල්මක් දුන්නම් කියලා මම ඒ කාලේ කොයිතරම් නම් ප්‍රාර්ථනා කරාද....
ඒ ප්‍රාර්ථනා කවදාවත් ඉටු නොවුනු තැන මම හිතාගත්තා දරු පැටියා වෙනුවෙන් මොනම වෙනස්කමක් වුනත් උහුලනවා කියලා...
මොකද මොන දේ උනත් එයා මාවයි මගේ නූපන් දරුවවයි දොට්ට නොදාපු නිසා...
ඒ තරමට කටුක මගේ පලමු ගැබිණි කාලයක් මම ගෙවුවත් පස්සේ දරු පැටියා එළියට ආවම පපා දරුවා එපා කිව්වත් පස්සේ පස්සේ දරුවා නිසාම මගේ ජීවිතේ සේරම හීන හැබෑ කරවමින් මට ආදරේ කරද්දි මම හිටියේ රටක් රාජ්‍යක් ලැබුණු තරම් සතුටකින්...
අනික එයාටයි මටයි මොන ප්‍රශ්නය ආවත් එකට සතුටින් හිටියා...
හොල්මන් නෙවෙයි මොන යකා ආවත් අපි දෙන්නා අපේ අත් එකට අල්ලගෙනම හිටියා....

ඒත් මුලින් දරුවා ලැබෙද්දිත් මම වින්දේ අසීමිත වේදනාවක් වෙද්දී දෙවෙනි දරුවත් ඒ වේදනාවම විඳින එකට මගේ හිත තිබුණේ කඩාගෙන වැටිලා..
අඩුම තරමින් මගේ දරුවට මගේ මහත්තයාගේ එයාගේ තාත්තගේ කට හඬක්වත් ඇහුණේ නෑ...
ඒ නිසාද මංදා දැන් එයා තාත්තගේ අත මගේ බඩේ ගෑවෙද්දී හැමදාමත් පයින් ගහන්නේ...

මගේ රත්තරන් මහත්තයා මගේ යීෂූගේ තාත්තා මගේ නූපන් දරු පැටියගේ තාත්තා..
මේ පාර එයාගේ දරුවට සෙනෙහස නොදීම ඔහේ ඇදක් උඩට වෙලා නිදාගෙන ඉන්නවා....
එයා හීන මැව්වා මේ දරු පැටියා කුසේ වැඩෙනවා දකින්න...
ඇත්තටම පව් කාර මේ මම ද මගේ දරු පැටියද එහෙමත් නැත්නම් පපා ද නැත්නම් අපි තුන් දෙනාමද කියලා මට තේරෙන්නෑ..

🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Where stories live. Discover now