🩸Let Me Help You 🩸
" මහත්තයා....ඇ..ඇ...ත්...තටම ඔයා ඒ මිනිහව මැරුවද..?"
මම එයාගේ ලඟ දණ ගහලා වාඩි වෙලා අතින් අල්ලලා ඇස්වලට එබුනා...
එයා ඇද උඩින් වාඩි වෙලා මගේ පැටියා දිහා බලාගෙන ඉන්නවා..." අහන්න මහත්තයා.. මට ඒ මිනිහා වැඩක් නෑ.. මට වටින්නේ ඔයාව...
අනික අපේ පුතාව...
මගේ ලෝකය එච්චරයි ...
මට වැඩක් නෑ වෙන කිසිම කෙනෙක්ව..
ඒ නිසා මට කියන්න පපා.....
ඔයා ඒ මිනිහව මැරුවද.?මම එයාට පපා කියද්දී පැටියා ගාව නැවතිලා තිබුණු ඇස් ක්ෂණිකවම මගේ පැත්තට හැරුනා....
ඒ ඇස් ගැස්සෙනවා... හරියට අඬන්න කලින් හිත පාලනය කරගන්න කෙනෙක් වගෙයි ...
එයා මගේ වචන ලඟ එයාගේ දරදඬු හිත නමනවා වගෙයි...
නෑ මහත්තයා දරදඬු නෑ....
මහත්තයා නපුරුයි එච්චරයි ...." ඇයි මම ඌව මැරුවනම් උඹට දුකද.?"
" අනේ නෑ දෙයියනේ නෑ...මට ඕනි නෑ මගේ දරුවගේ පපා මිනීමරුවෙක් වෙනවට දෙයියනේ ඇයි රත්තරන් ඔයා මාව තේරුම් ගන්නේ නැත්තේ මහත්තයෝ...?"
එයා ඒ නපුරු ඇස් ලොකු කරන් මං දිහා බලනවා...ඔව් මම තවදුරටත් ඔයාට බයේ ඔලුව නමන් ඉන්නේ නෑ මහත්තයා... මොකද මම දන්නවා ඔයා මෙල්ල වෙන එකම දේ දැන් මගේ වචන කියලා....
මම හිමීට ඒ අතින් අල්ල ගත්තා... ඒ ඇස් දිහාම බලාගෙන හිටියා..
ඒ නපුරු ඇස් අස්සේ ඉන්න උණුසුම් හදවතක් තියන සන්තකණීය මිනිහට මං ගොඩක් ආදරෙයි ....ඒ ඇස් මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා...
මමත් ඒ ඇස්වලින් මගේ ඇස් අහකට ගත්තෙම නෑ....
සමහර රෝගී හදවත් සුවපත් කරන්න ඕනි දේ බෙහෙත් නෙවෙයි....
හදවතක් අපිට පේන්න වගේම නොපෙනෙන්නත් ලෙඩ වෙනවා....
නොපෙනෙන්න ලෙඩ උනාමයි ගතට වගේම හිතටත් ගොඩක් අමාරු.....
ඒ වෙලාවට ඕනි එකම බෙහෙත තමයි ආදරය , උණුසුම , රැකවරණය කියන්නේ...
අපි ලඟ ගොඩක් කේන්තියන නපුරු කෙනෙක් ඉන්නවනම් ඒ කේන්ති යන නපුරු කෙනාට ඕනි ආදරය..
ඒක ඇත්ත කියලා මම මේ මොහොතේ අත්විඳිනවා...
මට මොන දේ කරත් මම මේ නපුරු මහත්තයාව මගේ මගේ පුතාගේ කරගන්නවමයි...
මං ලඟ ඒ වෙනුවෙන් ඕනිවට වඩා ආදරය උණුසුම තියනවා...
ESTÁS LEYENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...