Capture -48

1.5K 277 101
                                    

🩸Let Me Help You 🩸

 

වෙලාව අළුයම තුන පසු වී මිනිත්තු පහලොවකි... එම හෝරාව අදෘශ්‍යමාන ලෝකය අසාමාන්‍ය ලෙස බලවත් වන හෝරාව වන්නේ ය....





එය මූසල අඳුරු හෝරාවකි..
ජාන් සිටියේ සිහිසුන්වයි..
එමෙන්ම ඒ ගස් කොළ රොඩු බොඩු අතර ජාන්ගේ සිරුර වගේම යීබෝගේ සිරුරත් තිබුණේ නිසලව වැතිරිලායි...
ඒ වගේම ජාන්ගේ තද නිල් පැහැති කලිසම තෙත් වී තිබුණේ ඝන රුධිරයෙනි...
ජාන්ට නොදෙවෙනි ලෙසම යීබෝගේ පපුවත් තිබුණේ එලෙසම ඝන  රුධිරයෙන් තෙත්වයි..

අඹුසැමියන් යුවල එකිනෙකා අසල ඒ පාලු සීතල රබර් කැලය මධ්‍යයේ වැටී අවසන් සුසුම් අවකාශයෙන්  එකතු කරමින් සිටින්නට විය..
අවට සිටින්නේ කැලය තුළ සිටින සතුන් සර්පයන්  පමණි....
මිනිස් පුළුටක් අක්කර ගණනාවක් යන තුරුම නැත...
සිටින්නේ ජාන්ගේ සහ යීබෝගේ ලේ කැටිය වුනු දරුවා පමණයි..
ඔහු ද අවුරුද්දක පමණ නොදරුවෙකි..
ඔවුන්ට තනියට මිනිස් පුළුටකට සිටි ආයම්මා ද ගින්නට දැවී අසල ඇලේ ජලයේ පාවී ගොස් අවසන්‍ ය.
ඇයගේ ආත්මය පවා සොයාගත නොහැකි ලෙස විසිරී ගොස් වන්නට පුළුවන....

එම නිසල සිරුරු දෙක එකිනෙකා මතම පමණක් යැපීම නිසා දෙදෙනාට දෙදෙනාවම බේරාගත නොහැකි ලෙස නපුරු ආත්මයක ගොදුරු බවට පත්ව ගොස් අවසන් ය....
යීබෝගේ සුසුමන් ස්ථාවරව රිද්මයකට හෙලුනද මද වේලාවකින් එහි වේගය ඉතාම සෙමින් යන්නට විය..
එම සුසුම් යීබෝ අපහසුවෙන් අල්ලා ගන්නට උත්සහා කලේය....



....

" ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්...."






එකවරම ගැහුණු පපුව මදක් උඩට ඉස්සී තවත් සුසුම් යදින්නට වුවත් යීබෝගේ හදවතට ඇනුනු කුරුස පහර නිසා එය හිල් වී රුධිරය ගලායන නහර වැල් කඩා දමා තිබුණි...

ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම් අහ්....!!!!!!"

එකවරම සිරුරම ගැහී ගොස් යීබෝගේ අවසන් සුසුමන් වා තලයට මුසු වුනේ ඈත සිටි අමුතුම බස්සෙකුගේ විලාපාත්මක කෑගැසීමත් සමඟමයි..........












🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Donde viven las historias. Descúbrelo ahora