🩸Let Me Help You 🩸
දින තුනකට පසු.......
මම දැන් පිස්සෙක් ගානයි... දවස් දෙකක් පුරාවට මගේ ඇස් දෙක රිදෙනකන් එයා ඇහැරෙයි කියලා බලාගෙන හිටියා...එයා සැරෙන් සැරේ ගැස්සෙද්දී මට දැනුනේ එයා දකින හීන ඒ තරම් හොඳ ඒවා නෙවෙයි කියලා...
නර්ස් කෙනෙක් ඇවිත් එයාගේ සේලයින් එක මාරු කරන අතරේ මම චූටි රෝස මැණිකෙගෙ ඇග මද රස්නේ වතුරෙන් පිහිදාලා ඇදුමක් ඇන්දුවා..
අපි දෙන්න ගිහින් ගත්ත රෝස පාට කහ පාට ලස්සන ලස්සන ඇදුම් පොඩිවලින් එකක් අන්දවලා මම බේබි ක්‍රීම් ටිකකුත් ගෑවා..මේ ටිකේම මගේ අතින් සර්ච් උනේ චූටි බබාලගේ විස්තර වෙද්දි මම ච්කීටත් වඩා හොඳට දරුවෙක් බලාගන්න හැටි ඉගෙන ගත්තා...
මට ආඩම්බරයි... යීෂූ වෙනුවෙන් කරන්න බැරි උන දේවල් මම මගේ චූටි රෝස පැටික්කී වෙනුවෙන් ඕනෑවටත් වඩා කරන්න පෙලඹුනා.." ටොක් ටොක් ටොක්..."
කවුරුහරි දොරට තට්ටු කරනවත් එක්කම මම අවසානයේ මගේ කෙල්ලගේ ඇඳුම්වල බේබි කොලොන් තැවරුවා.. පස්සේ හිමීට දොර ලගට ගිහින් දොරේ අඟුල හිමීට කැරකෙව්වා....
.
.
.
.
" උඹ බල්ලා............!"
මම පැනපු ගමන් එතනම බිත්තියට ලියුකායිව තද කරාම ලියුකායි බඩ අල්ලගෙන කෙඳිරිගාන්න පටන් ගත්තා...
" යීබෝ අතාරින්න..!"
එතනය ආපු යන් යන් කියද්දී මම ලියුකායිව අතෑරලා අත පුරවලා යන් යන්ට හොඳ කනේ පාරක් දීලා කොලර් එකෙන් ඌව ඇදලා ගත්තා....
කෑගෑහුවොත් චිකී ඇහැරෙන නිසා මම දොරත් වහගෙන ආවේ එළියට එහෙමම යන් යන්ගේ බඩට පාරවල් දෙකක්ම ගහද්දී ලියුකායි ඇවිත් මගේ අතේ එල්ලුනා.. හිත අස්සේ සහෝදර ප්‍රේමයක් හැංඟිලා තිබ්බත් කවදාවත් මම ඒක මතුවෙන්න දුන්නෑ...
මොකද ඌ මාව උගෙ හතුරෙක් කරවපු නිසා..." වල් පරයා... මොන හුත්තකටද යකෝ තොපි මෙතනටත් ආවේ තව අපිව මරලම දාලා යන්නද යකෝ..දැන් වත් පාඩුවේ ඉන්න දීපන්.. මම සහෝදර කැක්කුම නිසා තොපි දෙන්නව අතෑරියේ.. නැත්නම් උඹලා මැරුණු තැන්වල ගස් පැලවෙලා පරයෝ...!"
ESTÁS LEYENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...