Capture -54

1.5K 247 75
                                    

Let Me Help You🩸


" එපා ............අනේ මගේ රත්තරන් .......ම..ම....මම..මේ ....මොකක්ද කලේ.....දෙයියනේ මගෙ වස්තුවේ......අතෑරපන් යකෝ මගේ කොල්ලව... අතෑරපා.............න්න්න්න්න්න්න්............!!!!!"



මිනිස්සු අසරණ වෙනවා....ඒත් මේ තරම්..... මේ තරම් අසරණ වෙනවද දෙවියනේ....

මම ජීවත් වෙන්නෙත් නෑ....
ඒත් මැරිලත් නෑ.....
සේරටම වඩා මේක මැරිල වගේ වුනත් ජීවත්වීමක්....
ඒ වෙලාවේ කොහොම මගේ අතට ඇත්තටම  පිහියක් ආවද....
ඒ පිහි පාරවල් ලියුකායිට කොහොම ඇනුනද කියලා මම දන්නේ නෑ....

මගේ ඔලුව පිස්සිගේ පලා මල්ලක් වගෙයි...
දෛවය මොන වගේ සරදමක් දඩුවමක් මට කරනවද කියලා මම දන්නෑ....
ඒත් මේ තරමටම අසරණ ජීවිතයක් එයාට ලැබුණු එක මං ගැනම මට තිබ්බේ තරහක්...
ඒත් මට මගෙන්වත් පලිගන්න ඉඩක් මේ වෙලාවේ මට ගන්න බෑ... මගේ චිකී මැණිකට මාව ඕනි....
ඒ කොල්ලා මං වෙනුවෙන් මේ තාක් වින්ද වේදනා ගැන හිතලා බලද්දී ඌ වෙනුවෙන් මම කරපු දශමෙක ලබ්බක් නෑ...

මගේ කොල්ලා හරියට මහ පොළොව වගේ සේරම දරාගන්නවා....තාමත් එහෙමයි...
ඒත් කවදාවත් මං නිසා දුකයි කියලා දොස් කියලා නෑ...
මාව දාලා ගිහින් නෑ....
මගේ අහින්සකයා මං නැතුව මගේ උදව්වක්වත් බැල්මක්වත් නැතුව මගේ ලේ කැටි දෙකක් කුස දරාගෙන දුක් සේරම දාරගත්තා...
අනේ මගේ ‍රත්තරං පැටියෝ...
මං උඹට ණයයි වස්තුවේ... 
මගේ මුළු ජීවිතේම මගේ හුස්ම සේරමත් උඹට දුන්නත් ඒත් මම උඹට ණයයි මගේ චිකී වස්තුවේ.......

වැටෙන්න ගිය ඒ අප්‍රාණික සිරුර මම දෝතට ගත්තේ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නවත් පැත්තකට තල්ලු කරලයි.....
උන් දෙන්නා දෙපැත්තට විසිවෙද්දී මම මගේ චිකීව මාස ගානකට පස්සේ දෝතට අරන් මගේ පපුවට තුරුළු කරගත්තට වඩා තද කරගත්තා......
ඇස්වලින් කඳුළු වැලක් ගලාගෙන යනවා.....
අපි දෙන්නගේ ජීවිතේ අපි සතුටෙන් ගෙව්වේ කවද්ද චිකී.....
ඇයි රත්තරන් උඹට හැමදාමත් මං නිසා මේ තරම් දුක...!!!





" මිස්ටර් කවුරු උනත් අපේ රාජකාරිය අපිට කරන්න දීලා කරුණාකරල මෙතනින් ඉවත්වෙන්න...!"



උන් ඒ කිව්ව දේවල්වලට මගේ කඳුළු පිරුණු ඇස් දොඹගෙඩි වගේ රතු පාට වෙන්න ඇති....
මොකද මගේ ඇස් උන් දිහාට වැටෙද්දී මං දැක්කා එක ඔෆිසර් කෙනෙක්ගේ කකුලක් පවා පස්සට යනවා...
මුන් පොලිස්කාරයොද පොන්නයොද....
මුන් කරන්නේ හොරාපොලිස් සෙල්ලම්ද....
සාමාන්‍ය පොලිස්කාරයෙක් උනත් අපරාදකාරයෙක්ගේ රතු ඇස්වලට ගැස්සෙන්න කොහොමටවත් බෑ....
ඒත් උන්ට මාව ඊට වඩා එකෙක් වගේ පේනවා ඇති...
මට දැනුනේ මගේ ඇග ඇතුලෙන් ගිනි ගන්නවා වගේ....

🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Where stories live. Discover now