🩸Let Me Help You🩸
ජාන් කා එකට නැගපු වෙලාවේ ඉදලා කලේ අඬපු එක.. යීබෝ ඇතුලෙදි ගහපු පාරට ජාන්ගේ කම්මුලේ ඇඟිලි පාර පවා හිටලා තිබ්බා....
ඒ නිසා යීබෝ කිසිම දෙයක් නොකියා ජාන්ට ඇති වෙනකන් අඬන්න ඉඩ දුන්නත් වරින් වර ජාන් දිහාවට බැල්මක් හෙලන්නට එයා ගැන අවධානයෙන් ඉන්නට අමතක කලේ නෑ.....යීබෝ ඩ්‍රයිව් කරාට දරුවා හිටියේ යීබෝගේ අත් දෙකේ යීබෝ පාරට කා එක දාගෙන හිමීට ඉස්සරහට ආවා...
" අපි ගෙදර යමු.. මෙහෙම අපේ ගෙදර යන්න බෑනේ..."
යීබෝ ඇහෙන නෑසෙන ගානට කියද්දී ජාන් ජනේලයෙන් එළිය බලාගත්තා......
" කමක් නෑ.. ඊලඟ වෙන්න පුළුවන් දේටත් මම මේ ගමන්ම ලෑස්තිවෙලා ඉන්නේ පපා..අපි යන්.. මගේ හිත දැන් ගලක්...!.."
ජාන් වේදනාවෙන් කියද්දී යීබෝගේ ගල් මූන පවා එකපාරටම වෙනස් උනා...
යීබෝ වාහනය අයිනට කරලා දරුවත් අරන් බැහැලා යනමග ජාන් ඇස් කොනින් වගේ බලාගෙන ඉක්මනින් අහක බලාගත්තා...
යිබෝ පිටිපස්සේ සීට් බෙල්ට් එක දාලා දරුවා ආරක්ෂිතව තියලා ඉස්සරහට ඇවිත් වාඩි උනා...
යීබෝ බලද්දි ජාන් හිටියේ ආපහු ජනේලෙන් එළියේ බලාගෙනයි...." චිකී...?"
යීබෝ ජාන්ගේ අත අරන් එයාගේ අත් දෙකට මැදි කරගත්තා...
..." කෝ මෙහෙ එන්න.මේ බලන්න..!"
යීබෝ සීට් එක පස්සට කරලා ජාන්ගේ සීට් බෙල්ට් එකත් ගලවලා ජාන්ව ඉක්මනින් ම ඇදලා උකුල උඩට ගත්තා...
සේරම උනේ විනාඩි පහකටත් අඩු සුළු කාලයකදි යි..
යීබෝ දිග හුස්මක් අරන් ජාන්ව තදින් පපුවට තුරුළු කරගත්තම මෙච්චර වෙලා ඔහේ ගලාගෙන ගිය කඳුළු වාන් දාන්නට පටන් ගත්තා." ඇ...ඇයි පපා එයා..ලා...ම..ට...එහෙ..ම ක..ලේ....එයාලා මං ගැන දැනගෙනත් ඉදලා.. "
ජාන් අන්තිම ටික යීබෝගේ පපුවේ ඔලුව ගහන් අඬන්න ගත්තම යීබෝ වේදනාවෙන් ජාන්ගේ ඔලුව අතගෑවා....
" ෂ්..............අඬන්න එපා චිකී...
සමහර වෙලාවට මේ ලෝකේ අපේ කියලා හිතාගෙන අපි ජීවිත කාලෙම හිතාගෙන ඉන්න මිනිස්සු අවස්ථාවාදී අපි එක්ක අවංක නෑ කියලා දැනගත්තම අපිට රිදෙනවා බං...
ඒකට අම්මා තාත්තා යාලුවෝ සහෝදරයෝ සැමියා බිරිඳ ඕනම කෙනෙක් වෙන්න පුළුවන් බං...
ŞİMDİ OKUDUĞUN
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Hayran Kurgu🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...