Capture -45

1.6K 277 113
                                    

🩸Let Me Help You 🩸

ජාන් කැලේ මැදින් සඳ එළියේ පිහිටෙන් කලබලයෙන් යීබෝ ලඟට දිව්වා...
යද්දී ජාන් දැක්කේ ආයම්මා ලඟ දණගහගෙන ඉන්න යීබෝව...
ජාන්ගේ පපුවත් පාරගෙන වේදනාවෙක් දැනෙද්දී ජාන් දුවගෙන දුවගෙන ගිහින් යීබෝව එයාගේ පපුවට තුරුළු කරගත්තා...

යීබෝ ජාන්ගේ සුවඳ අදුනගෙන වගේ ජාන්ගේ පපුවට තුරුළු උනත් ජාන් දැක්කේ කඳුළක්වත් නොහෙලාම ගලක් වගේ මූන තියාගෙන බලාගත්තු අත බලාගෙන ඉන්න යීබෝව....

" අනේ යීබෝ...?"

වෙනදට පපා කියන මහත්තයා කියන කටින් ජාන් යීබෝගේ නම කියද්දී යීබෝ ජාන්ගේ කළු බෝල ඇස්වලට කළුවරේම එබුනා...
පසලොස්වල පසු කර දිනක් ගත වුන හද  එයාගේ එළිය විහිදුවේ ඕනෑවටත් වඩා ඒ මූහුනවල හැඟීම් පෙනෙන විදියටයි....

" චිකී...මොන මගුලක් ද බං මෙතන කරන්නේ...? තමුසේ මගේ මී පැටියව තනියම දාලා ආවද ??"

" අහන්න පපා... එයා ලීස් එක්ක ඉන්නවා..!"

ඉක්මනින් මේක ඉවර කරලා යමු..!"

" මොකක්...ලීස් එක්ක..!?

යීබෝ ගැස්සුනත් ආපහු ලීස්ව මතක් උන පාර යීබෝ නිහඬ වුනා....
ජාන් යීබෝ කියන්නේ දැන් දරාගන්න බැරි හැල හැප්පිලි මැද එකිනෙකාව ඕනෑවටත් වඩා තේරුම් අරන් ඉන්න අඹු සැමි යුවලක්...

" පපා... ඔයා දන්නවා ලීස් ගැන..?"

" හ්ම්ම්..මට ඒකි ගැන දුකයි බන්... අපේ ලේ නිසා ගෑනියෙක් විදෙව්වා.. උඹට මම ගැහුවා බැන්නා තමයි බන්.. මම කවදාවත් මගේ මී පැටියාට නිය කොනක වරදක් කලේ නෑ...මම උඹටත් පස්සේ රිද්දුවේ නෑ චිකී.. උඹට මම සමාව දුන්න දා ඉදලා මම උඹට රිදෙව්ව්වේ නෑ..  රිදවන්නෙත් නෑ..!"

යීබෝ පපුවේ හිර වෙලා තියන අනිත් වේදනාවත් වෙනස් වචනවලින් පිටකරද්දි දැනෙන වේදනාව වැඩි යීබෝට උනත් යීබෝටත් එක්ක ජාන් කඳුළු හලන්න පටන් ගත්තා....
ජාන්ගේ කඳුළු යීබොගේ නලල තෙමද්දී යීබෝගේ අත් ජාන්ගේ බඳ වටා පැටලුනේ මේ ලෝකේ තියන සුන්දරම ආරක්ෂාව වගේම රැකවරණය තියෙන්නේ තමන් වැඩියෙන්ම ආදරේ කරන තමන්ට වැඩිපුරම ආදරේ වෙන පපුවවල් අස්සේ කියලා...
සමහර අම්මලා ගාව දරුවන්ට දැනෙන්නෙත් මහ ලොකු ආරක්ෂාවක්...ඒ ආදරේ අව්‍යාජයි , අවංකයි ස්ථීරයි... කවදාවත් වෙනස් වෙන්නෑ..
සමහර ආදර කතා ඒ වගේ...
ඉතින් යීබෝගේ දරදඩු පපුව ජාන්ගේ ආදරේ දෝරේ ගලන පපුවෙන් සැනසෙද්දී ජාන් එයාගේ පපුව පිරිලා තියන ආදරෙන් දැන් යීබෝ පෙලෙන ඇත්තම දුක සෝදලා හැරිලා...

🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️Onde histórias criam vida. Descubra agora