Let Me Help You🩸
" චිකී...!"
"පපා.."
" උඹට කොහොමද මැණික..?"
" පපා.."
ඇස්වල කඳුළු පුරවගෙන යීබෝගේ පපුව අස්සේ රිංගගත්තා...යීබෝටත් ජාන් වෙනදටත් වඩා එයාගේ උණුසුම අස්සේ රිංගනවා කියලා මොහොතක ඉදලා දැනිලයි තිබුනේ... එයා පැත්තේ ඉන්න එයාගේ මී පැටියා දැන් චුට්ටක් ලොකු උනට ඒකට ජාන්ගෙ පපුව උර උරාම නින්ද යන එක අනිවාර්යයෙන් සිදු වීමක් උනා...
යීබෝ එයාගේ තවත් අතක් පොඩ්ඩව වැහෙන්න දාගෙනයි හිටියේ.....ජාන් තවත් යීබෝව හොයන්න හැරෙද්දි එයා පැත්තේ ඉන්න පොඩි බට්ටා ඒත් නින්දෙන්ම ඇඹරෙන්න ගත්තා...
යීබෝ එහෙමම පොඩ්ඩගේ පස්සට තට්ටුවක් දැම්මේ ජාන් සමහර වෙලාවට ඇහැරෙන්න යන මී පැටියට තට්ටු දානවා දැකලයි...යීබෝ දැක්කේ ජාන්ගේ ඇඟිල්ලකත් එල්ලිලා පැටියා සැපට නිදාගෙන ඉන්නවයි...
කවදාවත් හිනා නොවුනු ඒ දෙතොල් අතරෙන් ලා රේඛාවක හිනාවක් ඇදවෙලා ඇදෙද්දි යීබෝ ජාන් දිහා බලලා නලලට හාදුවක් තිබ්බා...
" මම උඹලා දෙන්නට ම මුකුත් වෙන්න දෙන්නෑ බන්...
ඒ අඳුරු අතීතය ආපහු වෙන්න දෙන්නෑ මම. සීයා පප්පා වගේ නෙවෙයි මම.. මම වන්ග් යීබෝ.. මට උඹෙන් තොර ලෝකයක් නෑ චිකියෝ... උඹට ගැහුවත් උඹට දසවද දුන්නත් මේ පපුව අස්සේ උඹ වෙනුවෙන් දැන් තියන ආදරේ හරියට හදවත වෙලාගෙන තියන නහර වැල් වගේ.. උඹ මගේ හදවත නම් මම ඒ නහර වැල් බන්... මම උඹව අතාරින්නේ නෑ මට මොනවා හරි වෙන්කන්ම.. අන්තිම මැරෙන මොහොතේ තප්පරයෙත් මම උඹ ගාව ඉන්නවා..!"ඒත් එක්කම යීබෝගේ මනස මීට අවුරුදු 5කට කලින් ඇහුව සිදුවීමක් වෙතට දිව ගියේ හිතත් ගැස්සීගෙනමයි...
තාමත් යීබෝට ඒ අතීතය මේ බිත්ති අතර මැවෙද්දි ඇඟම හිරි වැටෙන එක නවත්තගන්න බෑ....
VOCÊ ESTÁ LENDO
🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
Fanfic🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg A...