1

8.3K 632 155
                                    

💢 My Uncle Wang 💢

ඉර බැහැගෙන යනවා....
කුරුල්ලො රෑනක් ඒ යටින් පියාඹගෙන යනවා...
මේ සුන්දර දර්ශනය අස්සෙත් මගේ හිතට දැනෙන්නේ වේදනාවක්.....

ඇයි......????

ඒකට හේතුව තනිකම.....
මේ ලෝකේ හැම මිනිහෙක්ම විඳපු අත්දැකීමක් තමයි තනිකම....
අපි වටේ කවුරු හිටියත් වෙලාවකට අපේ හිතට තනිකමක් දැනෙනවා.....
ඒ තනිකම අපිව පිස්සෙක් පවා කරන්න පුළුවන් අවස්ථාව වැඩී....

බෙන්ච් එකේ වාඩිවෙලා මම පෝන් එක දිහා බලාගෙනම ඉන්නවා...
ඒ ඇමතුම එනකන්....
හ්ම්...වෙලාව හරි.... උත්තරය දන්නවා උනත් මම ඇයි සහනයක් බලාපොරොත්තු වෙන්නේ...
උත්තරය දැන දැනම මම ඒ උත්තරය වෙනුවට වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා....

" ගේගේ..!"

"ම්ම්ම්ම්.."

" ඇයි කල්පනා කරන්නේ.."

එයා ඇවිත් මගේ උරහිස උඩින් ඔලුව තියාගත්තා... ඔව් ඒ මගේ ආදරේ වන්ග් යුවාන්.... අපි දෙන්නා යාලුවෙලා දැන් සතියක් විතර ඇති...ඇත්තටම එයා ගොඩක් අහිංසක කෙනෙක්.... අම්මයි තාත්තයි නෑ...බාප්පා ගාව හැදෙන්නේ උනත් දැන් එයා ඉන්නේ මාත් එක්ක හොස්ටල් එකේ... අපි දෙන්නගෙ අන්තිම එක්සෑම් එක ඉවර වෙලා අපි හෙට අපේ ගෙවල්වලට යනවා....

එයා එයාගේ බාප්පා ලඟට ගියාට මට යන්න තැනක් තියේවිද...?

" ගේගේ ඔයාගේ ෆෝන් එක.."

එක දිගට රිංග් වෙද්දී මම යුවාන් දිහා බලාගෙනම හිටපු නිසා ඒකත් මට මගෑරෙද්දී යුවාන් මගේ අතින් අල්ලලා මාව හෙලෙව්වා....

" ඔහ්....ඉන්න..!"

" හෙලෝ....අහ්..ඔව් අම්මා...ම්ම්ම්....හෙට එන්නද කියලා අහන්න ගත්තේ.."

".................."

"ම්ම්ම්ම්...හා.......!"

වේදනාව....තමන්ගෙ ගෙදරින් තමන්ගේ අම්මගෙන් තමන්ගේ සහෝදරයින්ගෙන් වරදක් නොකරම ප්‍රතික්ෂේප වීම....
ඒක...ලොකු වේදනාවක්... මගේ තාත්තා නැති වුනේ දැනට අවුරුදු 5කට කලින්. ඊට පස්සෙ අම්මට මගේ මහප්පාව බදින්න උනා..
ඒකින් පස්සේ මම ගෙදරින් ඈත් වුනා...
ඒ වගේම මහප්පගේ දරුවො මගේ අම්මගේ දරුවො වෙලා මම පිට නන්නාදුනන දරුවෙක් උනා...
මහප්පා මට කැමති නෑ... සහෝදරයොත් මට කැමති නෑ...අම්මට ඒ නිසා මාව ලඟට ගන්න බෑ.
දැන් මට යන්න තැනකුත් නෑ...රස්සාවක් කරානම් මම බෝඩ් වෙනවා...
ඒත් මේ ඉක්මනින් එහෙම දෙයක් මම කරන්නේ කොහොමද ...
එකම සැනසීම.....

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Dove le storie prendono vita. Scoprilo ora