12

3.5K 520 316
                                    

My Uncle Wang



" මොනවද පුතේ මේ මං අහන්නේ..? ඇත්තටම ඔයා මේ ළමයව හදාගන්න ගත්තද...?"






මම හිමීට පස්ස එහා පුටුවෙන් තියාගෙන තව මිදි ගෙඩ්ඩක් කද්දී ඩැඩීගේ මමා ඩැඩීගෙන් ඇහුවේ මං දිහා අනුකම්පාවෙන් බලාගෙන...
ඉහික්....
ආච්චි අම්මට රිදෙයි මේවගේ ඇත්ත නැත්ත දැනගත්ත දාට..
මොනා උනත් එයාගේ පුතාට ලැබුණේ පරක්කු වෙලා හරි රන් කඳක්....
රත්‍රන් මොළ ගෙනාව නැවක්...
අහ් නෑ...
රත්‍රන් මොළ ගේන  නැවක සභාපති කෙනෙක්....
ආච්චි නැන්දේ ඔයාට ලේසි වෙන්නෑ ඉතින් මේ බෑනා පොඩ්ඩ එක්ක...
මොනා උනත් ඒ ගෑනිගේ පොඩි සිරියාවක් තියනවා..
අර පොල් මුඩ්ඩිට වඩා...
හැටි විතරක්...
කුකුල් හොටක් වගේ කටකුයි පොල්කිචි පෙඳයක් වගේ කොණ්ඩෙකුයි එහෙන් ලස්සනයි කියලා ඔලුවේ සමනලයෙක් ඉන්න කට්ටකුත් ගහලා...
මේකී හෙන මොංගල් පාටයි...
මට වඩා මේකිගේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑ...
තුක් නොදකින් පිට්ටු බම්බුව....

හිතෙන් දෙහි කපනගමන් මම කට්ටිය හොඳ සාක්ච්චාවක ඉද්දී සේප් එකේ කාලා හපලා ඉතුරු උන මිදි ඇට ටික ඒකිගේ ජූස් එකට දැම්මා...
නිකන් නෙවෙයි මගේ වටිනා කෙලත් පොඩ්ඩක් එක්ක..
පුළුවන් නම් හක්කේ දතක් හරි ගලෝලා දානවා ඕකිගේ ජූස් එකට..
ඊට පස්සේ ඕකිට දත ගිලිලා...
ඒක හිරවෙලා....
ඒක දිරවන්නේ නැතුව...
පුකෙන් දත එයි. හ්හ්හ්හ්හා
එතකොට මේකිගේ නම පුකේ දතවතී.....
කෝමත ටොයිලට් එකට ගිහින් කෑ ගහලා තටමලා දතක් එළියට එද්දි... 





" හ්හ්හ්හ්හ්හ්හ්හාහ්හා !"



උක්කනවනේ....හිතේ හිනාව දොට්ට පැන්නනේ.... ඕක තමා බැරි... මෙව්වා හිතුවා වගේ නෙවෙයි පනිද්දි....
කට්ටියම මගේ දිහා බලද්දී මම ආතල් එකක් ගන්න ලක ලෑස්ති උනා



" ඇයි බබා..!"



මටම හරියන ඇම්බැට්ටා ඌ... යුවාන් ගානට මගෙන් ඇයි අහද්දි මං යැංසිගේ ඔලුවේ ඉන්න සමනලයා පෙන්නුවා.. හිටපං මං උඹව නෝන්ඩිම කරනවා වෙන්ඩ නැන්දා ඉදිරියේ...හහ්....





" මමා ඔලුවේ තමනලයෙක් ඉන්නෝ... දැදී මමාදේ ඕලෙවේ පොල් මුද්දක් වගේ නිසාද ඒ තමනලයා වහලා තීන්නේ දැදා....

💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️Where stories live. Discover now