My Uncle Wang - ටිකක් සීරියස් අද ටික....
මට රවලා රෙදිවලින් ගහලා මගේ නම්බුව බම්බුවක්ම කරලා දැන් පස්සත් එළියේ දාගෙන මගේ එකා නිදි....
මුළු දවසම එළවලා දැම්මා උනත් රෑට එයාව මට නැතුව නින්දක් දැන් ලංවෙන්නෙත්වත් නෑ...
එයාටත් එහෙමයි කියලා මට හිතුන නිසා මං හිමීට කාමරේට ආවා....
සමහර විට අඩිසද්දේ ඇහෙන්නත් ඇති...
හිමීට ඇදට නැගලා බලාගෙන හිටියේ මේ යක්ස පැටියට යක්සයා වැහෙයිද දන්නෑ කියලා...
නෑ..එහාට මෙහාට පෙරලුනාට කිසි ප්‍රතිවිරෝධයක් නෑ.." පව් මගෙ සුදූට නින්ද ගිහින්.."
පොඩ්ඩක් ඇහෙන්නම කියලා ඔලුව හිමීට අතගාද්දි මේකා කෙඳිරි ගෑවා... ඔලුව දාන්න දුන්නම මිනිස්සු සාමාන්‍යයෙන් ඇඟම දානවනේ... ඉතින් මාත් ඇඟම දානවා කියලා මේකව ඇදලා අරන් පපුවට තද කරගත්තා....
" මගේ දුස්ට ඇම්බැට්ටා..."
මම ඒ නලල මගේ තොල් තද කරාම ,
" ආහ්හ්හ්ව්ව්ව්"
" ආවට කමක් නෑ.. ඉඹින්න එන්නෙපා.. ඉඹලා තමා මගේ මකරා මට නැති වෙන තැනට ඔයා වැඩ කලේ ඩැඩී... "..
මේකා මගේ පපුව හපලා කිව්ව දේ නිසා මම නලල රැලි කරගනිද්දී එයා මගේ බෙල්ල අස්සේ මූන ගහන් මගේ ඇඟට ඒ සුදු බෝංචි කරලක් වගේ කකුලක් දාගෙන තද කරන් නිදාගත්තා....
" අනේ මංදා සුදූ කියන විදියක් තමා ඉතින්..."
ආපහු කිස් එකක් දෙන්න හිතුන දැඩි ආසාව මම යටපත් කරගෙන එයා එක්ක තුරුළු වෙලා නිදාගත්තා...
මගේ සැනසීම...
මිනිහෙක්ට සැනසෙන්න මහ ලොකු දේවල් ඕනි නෑ.. එකම එක ආදරණීය හදවතක් ඇති...
හරිනම් ඔය දෙබස වෙනස් වෙන්න ඕනි.. එකම එක දුස්ට ඇම්බැට්ටයෙක්ගේ උණුහුම ඇති කියලා...
මගේම ගෙදර මගේම කාමරේ මට කීකරු පපියෙක් වගේ ඉන්න උන එක ගැන මගේ මූනේ හිනාවක් ඇදුනා..
මොනවා උනත් දැන් නිකන් මම ජීවත් වෙනවා වගේ දැනෙනවා...එදා උදේ නැඟිටලා බලද්දි ඇම්බැට්ටා නෑ... මම bathroom එකේ දොර ඇරලා බැලුවම මෙන්න මැරතන් එකක් දුවලා වගේ හති දාගෙන කොන්දත් අල්ලගෙන ඉන්නවා.. මූනත් නිකන් ලෙඩ පාටයි..
ESTÁS LEYENDO
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️
Fanfic🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10