~හැඳින්වීම~

14K 934 267
                                    

"ඇස් වහපල්ලා...."

"ඇයි තොපි මැජික් බලනවද...."

"මොනාද හැරි හැරි බලන්නේ... ඇස් වහපල්ලා...."

අද ෆස්ට් ඉයර් උන්ට පලවෙනි කොමන් එක ගන්න දවස... අපේ උනුත් කෑ ගහගෙන පොඩි උන් බය ගස්සවගෙන ගිහින් කස ගස් යට වාඩිවෙලා ඉන්න ජුන්නෝ ටික වටේ හිට ගත්තේ ඇස් වහන් හිටපු උන්ගෙන් සමහර පොඩි උන් හොරෙන් ඇස් ඇරලා අපි දිහා බලද්දී...

"ඒ නංගි උඹට ආතල්ද?? ඇස් වහ ගනින්...."

අපේ බැච් එකේ එකියක් එහෙම හොරෙන් බලන්න ගියපු කෙල්ලෙක්ට කෑ ගහද්දි මම යන්න එන හිනාව කාගෙනම ගිහින් මැද්දෙන් හිට ගත්තේ හෙන ගැම්මෙන්...

ඔව් ඉතිං මම ගැම්මෙන් ඉන්න එපැයි... මොකද මමනේ ඇණපති...

"නංගි මල්ලි ඇස් ඇරපන්.... "

ගැම්මට අත් දෙකත් පපුවට බැඳගෙන පහසුවෙන් හිටගෙන මම කතා කරද්දී කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම බයෙන් බයෙන් ඇස් ඇරියේ මම උන් දිහා එක සීරුවට බලද්දී...

"ඉතිං නංගි මල්ලී සුභ උදෑසනක් වේවා උඹලා හැමෝටම...දෙවන වසර සහෝදරත්වය විදිහට අපි උඹලව අපේ විශ්වවිද්‍යාලෙට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා... ඉතිං උඹලා හැමෝම මේ ඇවිත් ඉන්නේ කෙනෙක්ට ලේසියෙන් එන්න පුළුවන් විශ්වවිද්‍යාලෙකට නෙමෙයි... ඒ නිසා මූලික වශයෙන් මෙතනදි උඹලා උඹලගේ අධ්‍යාපන කටයුතු හොඳින් කර ගන්න ඕන... ඒ වගේම තමයි අපේ විශ්වවිද්‍යාල තුල බාහිර වැඩ බොහොමයක් තියෙනවා.. ඒවටත් උඹලගේ සහභාගීත්වය අපි බලාපොරොත්තු වෙනවා... ඉතිං නංගි මල්ලී උඹලගේ වැඩ කටයුතු සුභ ප්‍රාර්ථනා කරන ගමන් මම නිහඬ වෙනවා.. මෙතන ඉඳන් මේක ඇතුලේ ඉන්න ඕන විදිහ ගැන හැම දෙයක්ම උඹලට දෙවන වසර සහෝදරත්වය විසින් පැහැදිලි කරලා දෙයි... දැන් ඇස් වහපල්ලා.... "

ගොඩක් දිගට අදින්නේ නැතුව ඉක්මනට ඉක්මනට කතා කරපු මම පොඩි උන්ට ඇස් වහ ගන්න කියලා කතා කරන්න ඊළඟ අවස්ථාව අපේ පුරාට දුන්නේ ඌ ඉස්සරහට එද්දි...

විශ්වවිද්‍යාල සංස්කෘතිය කියන්නේ මේකයි... ගොඩාක් අය බය උනාට රැග් රැග් ගෑවට අපේ කැම්පස් එක ඇතුලේ නම් දැන් ඕවා මහ ලොකුවට නෑ... කොහොම උනත් එක එක පැති වලින් එන එක එක විදිහට හිතන පතන ගොඩක් උන් එකතු වෙන තැනක් තමයි කැම්පස් එක කියන්නේ.. ඒ නිසාම උන් හැමෝවම එක මට්ටමකට ගන්න වගේම විශ්වවිද්‍යාල සංස්කෘතිය උන්ට කියලා දෙන්න තමයි අපි මේ හැමදෙයක්ම කරන්නේ....

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now