"ලස්සන ෂර්ට් එක හොඳේ....."
මහපටැඟිල්ලත් උස්සලා ඒ අයියා කියද්දී අනිත් අයියලා ටිකත් හිනා උනේ යුදීශ් අයියත් කට කොනින් හිනා වෙලා මගේ දිහා බලන් ඉද්දි....
මූණට ලේ පිරෙනවා වගේ දැනෙද්දි මම මුකුත් නොකියා බිම බලාගෙනම එන්න ආවේ ගීෂානුත් හිනා වෙවීම මගේ පස්සෙන් එද්දි....
---------------------------------------------------------------
එළියට යද්දිත් අප්පච්චි ඇවිත් හිටපු නිසා මම ඉක්මනට ගිහින් වාහනේට නැග්ගේ අප්පච්චි වාහනේ ස්ටාට් කරන්නේ නැතුව මගේ දිහා බලාගෙන ඉද්දි....
"ඇයි අප්පච්චි??"
අප්පච්චි බලන් ඉන්න නිසාම මම එහෙම ඇහුවා...
"කාගෙද සුදු මහත්තයා ඔය ෂර්ට් එක?? ඕක නෙමෙයිනේ යද්දී ඇඳන් ගියේ....."
මම මොන තරම් අසිහියෙන් හිටියද කියලා මට දැනුනේ අප්පච්චි අහපු දේත් එක්ක වෙද්දී ෂර්ට් එක ගැන ඒ තරමටම කල්පනාව නැති උන එක ගැන මම මටම දොස් කියා ගත්තා...
"මේක... මේ ගීෂාන් ගේ අප්පච්චි... අපිට අද ඉඳන් ටී ෂර්ට් අඳින්න බෑලු... මම ගියාට පස්සෙයි ඒක දන්නේ.. ඒ පාර ගීෂාන් මට එයාගේ ෂර්ට් එකක් දුන්නා....."
මගේ උත්තරෙත් එක්කම අප්පච්චි වාහනේ පාරට දාද්දි මම එහෙමම ෂටර් එකට ඔලුව තියා ගත්තා....
"ෂර්ට් අඳින්න කිව්වා නම් සුදු මහත්තයා විතරක් මොකද ඒ ගැන දන්නේ නැත්තේ?? "
"නෑ අප්පච්චි ඒක නයිට් මීටින් එකකදි කියලා තියෙන්නේ... මගේ ෆෝන් එක වැඩ කරලත් නෑ ගීෂාන් ට මට පණිවිඩේ දෙන්න... ඒකයි වෙලා තියෙන්නේ...."
මම කියද්දී අප්පච්චි ඒ දේවල් හොඳට අහන් හිටියා වගේම ලොකු හුස්මක් ගත්තා....
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanficදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️