"මහී....."
"අඩෝ මහී... ඔලුව උස්සලා බලපන්කෝ...."
මගේ පස්සෙන්ම දුවන් ආපු ගීෂාන් කසුන් රුසිරු ඉරේෂ් මට කතා කරද්දී මම එක මොහොතකටවත් කොට්ටෙන් මූණ උස්සන්නෙවත් නැතුව ඉකි ගගහා ඇඬුවේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙද්දි...
රිදෙන්නේ කම්මුලට වඩා හිත වෙද්දී මට සැරින් සැරේම මැවිලා පෙනුනේ යකෙක් වගේ මගේ ඇඟට පැනලා මට ගහලා කෑ ගහපු එයාගේ මූණ වෙනකොට කවදාවත් එයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුන මම අඬා වැටුනේ වේදනාවට...
"මහී... අනේ බං... මේ බලපන්කෝ..... ඔලුව උස්සපන්....."
"අඩෝ නයිට් මීටින් වල හැටි ඔහොම තමයි බං... බලපන් මේ රුසිරුවත් ගුටි කාලා ඉන්නේ... නාඬා ඉඳින්කෝ..."
"මහී ඔලුව උස්සලා අපි දිහා බලපන්කෝ....."
දිගින් දිගටම අපේ උන් මට කතා කරද්දී මම ඇස් වලින් කඳුළු වැටෙද්දිම ඔලුව උස්සලා බැලුවේ උන් ටික දිහා...
"අඩෝ රතු වෙලා ඉදිමිලා බං... "
"ඇඟිලි පාරත් හිටලා යකෝ.... "
"අරූ නම් මහ යක්ෂයෙක් බං.... "
එයාගේ කම්මුල් පාරවල් නිසාම මගේ කම්මුල ඉදිමිලා රතු වෙලා තියෙද්දි අපේ උන් මගේ කම්මුල අත ගෑවේ වේදනාවෙන්...
"මහී... මේ අහපන්කෝ.... අඬන්න එපා......"
"ම්..මට... මට ම.....ගේ අප්.......පච්චිවත්...... අද වෙ.....නකන්.... අත... උස්....සලා..... නෑ......... "
මට දුකයි... මම කොහොමද මේ වේදනාව දරා ගන්නේ.. ඊටත් මම නොකරපු දේකට... ඇයි එයා අහන්නෙවත් නැතුව මට එහෙම කරේ..."මහී... දැන් ඇති.... නාඬා හොඳ දරුවා වගේ දැන් නිදා ගන්න.... අපි උදේම මේ ගැන ගිහින් යුදීශ් අයියා එක්ක කතා කරමු.... "
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanfictionදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️