"මගේ දේවල් අනිත් උන්ටත් පේන්න ඇඳුම් ඇඳපු එකට තමයි ඒ පනිෂ්මන්ට් එක......."
ඇල පාර ළඟ ඉඳන් ආපු වෙලේ ඉඳන්ම මගේ කන් ඇතුලේ රැව් දුන්නේ ඒ වචන ටික විතරක්ම වෙනකොට කවුරුත් දකින්න කලින්ම මම ආපු ගමන් ටී ෂර්ට් එක මාරු කර ගත්තා...
"මොකද මහී ආතබූත වෙලා වගේ ඉන්නේ..."
උයන්න ගිහිල්ලත් ඇල ළඟදි වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටපු මට ගී කෑ ගැහුවේ මාව ගැස්සිලා යද්දී...
"ආ මුකුත් නෑ ගී... මෙන්න මම කංකුන් එක ඇහිලුවා..."
ගීෂාන් ගේ විනිවිද යන බැල්ම මගාරින ගමන් මම එයාගේ අතට කංකුන් දාලා තිබ්බ කූඩේ දීලා හෙමීට මාරු වෙලා ආවේ යසිරුලා පතු ගාන පරිප්පු හොද්ද ළඟට...
ඇත්තටම මේක මරු අත්දැකීමක්... කට්ටිය ලිප් අටවන් ඒවයේ කෑම හදද්දි වටේම සුවඳ ගැහුවේ මට නම් නැති බඩගින්නකුත් හැදෙද්දි.... කොහොමත් කතාවක් තියෙනවා පිරිමි හදන කෑම වල තියෙන්නේ අමුතුම රසක් කියලා...
"අඩෝ මහී... මේක පතු ගාපන්කෝ... මගේ උරහිස් දෙක රිදෙනවා බං...."
ලොකු පරිප්පු හොද්දක් නිසාම පත්තකින් හොද්ද පතු ගාද්දි මම යසිරු අතින් පත්ත අරන් පරිස්සමට හොද්ද හැඳි ගෑවා..
යකෝ මූ හොද්ද හැඳි ගාලා නෙමෙයි ඒක කැඳ කරලා...
මට හිනා ගියේ යසිරුවා පරිප්පු එකට කරලා තිබ්බ දේ දැකලා වෙනකොට මම ඒක එහෙමම පියනකින් වැහුවේ තව චුට්ටක් ඒක තැම්බුනහම කට්ටියට කියලා ඒක ලිපෙන් බාව ගන්න...."අම්මෝ බං බඩ හුස්ම ගන්නත් බෑ යකෝ...."
කහ බත් හදලා පරිප්පු උයලා කන්කුං තෙල් දාලා සැරම සැර සීනි සම්බෝලයක් එක්ක උණු උණුවෙන් අපි කාලා දැම්මේ උයලා ඉවර වෙච්ච ගමන්මයි... මම හි ඒක තමයි මගේ ජීවිතේ මම කාපු රසම කෑම වේල.. මොකද ඒ කෑම වේල ඇතුලේ තිබ්බේ අපි හැමෝගෙම එකමුතුකම...
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanfictionදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️