28 කොටස

4.2K 675 180
                                    

ම්හ්හ්.... ඔලුව පැලෙන්න වගේ.....

ඔලුව උඩ ගල් ගෙඩියක් තියලා වගේ දැනෙන හැඟීමක් එක්ක මම පියවිලා තිබ්බ ඇස් අරින්න පටන් ගත්තේ ඇහි පිහාටු පවා බරයි වගේ දැනෙද්දි...

"ආ.... මේන් කුමාරයා නැගිටිනවා....."

ඒ එක්කම මගේ පැත්තට එබිලා ගීෂාන්ද කොහෙද කෑ ගහද්දි මම ඇඳේ ඉඳ ගත්තේ අත් දෙකෙන්ම නලල දෙපැත්ත තද කර ගන්න ගමන්...

"යසයි යසයි සුදු මහත්තයා නැගිටින වෙලාව... ලෙක්චර්ස් නැති නිසාම හොඳයි...."

ඒ එක්කම වීදුරුවකුත් අරන් මගේ ළඟට ඇවිත් වාඩිවෙන ගමන් කසුන් කිව්වේ මම ඇස් දෙකත් පොඩි කර කර උන් දිහා බලද්දී...

"ආ.. මේක බීලා හිටපන්... අයියා උදේම හදලා තියලා ගියේ ඕක...."

අර වීදුරුව මගේ අතට දෙන ගමන් කසුන් කියද්දී මම වටපිට බැලුවේ ඉන්නේ කොහෙද කියලා කල්පනා කරන ගමන්...

"මොකෝ.. ඉන්නේ කොහෙද කියලද බලන්නේ?? බලන්න දෙයක් නෑ... ඉන්නේ ඊයේ ආපු මලින්ද අයියලගේ බෝඩිමේ තමයි..."

මගේ කනකිනුත් ඇදලා ගීෂාන් කියනකොට කසුන් දීපු දෙහි වීදුරුවෙන් උගුරක් බොන ගමන් මම කල්පනා කරේ ඊයේ රෑ මොකද්ද උනේ කියලා...

"මොකෝ මතක නැද්ද සුදු මහත්තයට නටපු නාඩගම ඈ?? "

ඉනට අතකුත් තියාගෙන එතනට ආපු රුසිරු ඇහුවේ ඉරේෂයා නම් මගේ දිහා බල බල මහ හයියෙන් හිනා වෙද්දි.....

මොනාද උනේ ඊයේ රෑ.... අනේ දෙයියනේ මතක් වෙන්නකෝ මොකද උනේ කියලා... මම දීර් දීපු ග්ලාස් එකට අමතරව තව එකක් බලෙන්ම බිව්වා... ඊට පස්සේ මොකද උනේ?? වටේම කැරකෙනවා වගෙත් දැනුනා... ඊට පස්සේ??

මම දහ අතේ කල්පනා කරේ ඊට පස්සේ මම මොනවද කරේ කියලා මට පොලව පලාගෙන යන්න හිතුනේ ටිකෙන් ටික වෙච්ච දේවල් එකින් එක මට මතක් වෙන්න පටන් ගද්දි...

"අයියෝ නෑ අප්පා......."

"ආ මතක් උනාද සුදු මහත්තයට......"

කාමරේම දෙක වෙන්න මම කෑ ගහද්දි අරුන් හතර දෙනා බඩත් අල්ලන් හිනා වෙන්න පටන් ගත්තේ මම වෙච්ච දේවල් මතක් කරද්දී....

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now