මම හිටියේ කෑ ගහලා ඇඬෙන්න තරම් මට්ටමක වෙද්දී පොඩි අයියා මගේ දිහා බැලුවේ හරිම අසරණ විදිහට.. මගේ දීර් එයාගේ ඇස් දෙක ඉස්සරහ වෙන්න හදන දේ කොහොම දරා ගනියිද කියන දේ හිතනකොට මට හිතුනේ එතනින් නැගිටලා කොහෙට හරි දුවන්න උනත් හිතා ගන්නවත් බැරි තරමට මම මේ වෙලාවේ අසරණ වෙලා තිබ්බා...
"කෝ සුදු මහත්තයා අත දික් කරන්නකෝ..."
අම්මා මගේ අතට තට්ටු කරද්දී සුප් බෝල් ටික තියපු එයා ආපහු ට්‍රොලි එක තල්ලු කරන් එතනින් ගියා උනත් මම දැක්කා ඈතට ගිහින් උනත් ඒ ඇස් බැල්ම මගේ පැත්තටම වැටිලා තියෙනවා කියලා.. ඒ මූණේ හැඟීම් මොන වගේද කියලවත් මට හිතාගන්න බැරි වෙද්දි අම්මලගේ නැන්දලගේ වදේ නිසාම මම දකුණු අත දික් කරේ ඕන කමින්මයි....
"දකුණ නෙමෙයි සුදු මහත්තයා... වම දික් කරන්න..."
අම්මා කියද්දී මට දැනුනේ කවදාවත් නැති තරමේ කේන්තියක්... කේන්තිය දරා ගන්න බැරි තැනම මගේ ඇස් වලින් කඳුළු වැටෙද්දී නැන්දලා නම් හිතුවේ ඒ සතුටු කඳුළු කියලා..
මට බෑ වමත දික් කරන්න... වමතට කවදා හරි මුද්දක් දානවා නම් ඒ මගේ දීර්ම විතරයි...
මගේ හිත කෑ ගහද්දි මම හිතන්නේ පොඩි අයියට මගේ හැඟීම තේරුණා....
"වෙඩින් එක දවසට බැරියෑ වමතට දාන්න.. එතකන් අපි දකුණට දාමු...."
හැම පැත්තම බැලන්ස් කරපු පොඩි අයියා එහෙම කියලා මුද්ද මගේ දකුණු අතේ ඇඟිල්ලට දැම්මේ ඈතින් මේ පැත්ත බලන් හිටපු දීර්ගේ මූණේ වේදනාවක් සටහන් වෙලා තියෙනකොට...
එතන ඉඳන් අපේ කෑම ටික ගේන්නවත් දීර් එළියට නොඑද්දි අපි හොටෙල් එකෙන් යනකන්ම අපේ සර්විස් එක කරේ වෙන වේටර් කෙනෙක් වෙද්දී මම හිටියේ ගිණි ගොඩක පිච්චෙනවා වගේ වේදනාවෙන්...
අනේ ඇයි දෙයියනේ අපිට කිසිම සැනසීමක් ලැබෙන්නේ නැත්තේ...
කන්නවත් පිරියක් තිබ්බේ නැති මම ගෙදර ආපු වෙලේ ඉඳලම එයාට කොච්චර කෝල් ගත්තත් එයාගේ ෆෝන් එක ඕෆ් කියලා වැටෙද්දී මම කාමරේ පුරාම එහාට මෙහාට ඇවිද්දේ පිස්සුවෙන් වගේ...
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fiksi Penggemarදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️