මම දන්නේ මම කොච්චර වෙලාවක් එහෙමම බිම වාඩිවෙලා හිටියද කියලා... මට හිතුනේ මගේ හොඳ සිහිය මගෙන් ඈතට යනවා වගේ හැඟීමක් වෙනකොට මගේ වතම හිරි වැටිලා ගියේ ආයේ ආයේ ඒ දෙතොල් පහස මතක් වෙද්දි...
"පව් එයා....."
නවෝද් අයියා ඇවිත් වෝඩ්න් මේ පැත්තට එනවයි කියපු ගමන් එයා දුවලා ගියපු හැටි මතක් වෙද්දි මට දැනුනේ වේදනාවක්... පංති තහනම් නිසාම එයාට හොස්ටල් එකෙත් ඉන්න බැරි වෙද්දී කාටත් හොරෙන් මාව බලලා යන්න ආපු එයා ගැන මට ඇති උනේ අමුතුම හැඟීමක්...
"ටසිරි.... මේ කවුද මේ......."
"පාර වැරදිලා වෙන්න ඇති මයේ හිතේ....."
අන්තිමේ ඉතිං තවත් යුදීශ් අයියගේ වචනෙට පිටුපාන්න බෑ කියලා හිතෙද්දි හැමදේම අකා මකා යන්න කියලා නා ගත්තු මම හවස ලෙක්චර් එකට යන්න හිතාගෙන කැම්පස් එකට ආවහම මාව දැක්ක අපේ උන් කෑ ගහන්න පටන් ගත්තා...
"මොනාද බං... දැන් පහුගිය දවස් ටිකේ උඹලා කෑ ගැහුවේ ලෙක්චර්ස් එන්නේ නෑ කියලා නේද... දැන් ආවහමත් මොකද්ද අහන්නේ...."
අරුන් පල් එක දාන එක නවත්ත ගන්න ඕන නිසාම මම එහෙම කියද්දී ගීෂාන් නම් මට බඩ අල්ලන් හිනා උනේ මම උන් ඔක්කොටම රවද්දි.."හරි හරි දැන් කොහොම හරි ආවනේ... යමන්කෝ ලෙක්චර්ස්... උඹ වෙනුවෙන් ඇටෙන්ඩන්ස් ෂීට් එකේ හොර සයින් ගහලා අපි හෙම්බත් වෙලා හිටියේ... "
යමු කියන ගමන් ඉරේෂ් කියපු කතාවට මම ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ එයා දිහා...
"මොකද්ද ඒ කතාව...."
"ඇයි තෝ හිතුවේ අපි විතරක් ඇටෙන්ඩන්ස් මාක් කරන් එයි කියලද... බූරු පුතා... යමන් යන්න ලෙක් එකට.... "
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanfictionදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️