"බලන්න සුදු මහත්තයා තව අඩුපාඩු මොනවා හරි තියෙනවද කියලා???"
ගෙදර ආවට පස්සේ කාලා බීලා ඉවර වෙලා හොස්ටල් එකට ගෙනියන්න ඕන මගේ බඩු ලෑස්ති කරන්න උදව් වෙන්න අම්මත් එද්දි අප්පච්චි නම් වාඩිවෙලා ඒ හැම දෙයක්ම දිහා බලාගෙන හිටියා...
"ඔව් අම්මා... මේ ටික හරි.... අර අතන තියෙන පොත් ටිකත් දා ගන්න ඕන..... "
කොහොමින් කොහොම හරි රෑ අට විතර වෙද්දි ගෙනියන්න ඕන ඔක්කොම ඒවා ලෑස්ති කරගෙන ඉවර වෙද්දි මට නම් දැනුනේ සැහැල්ලුවක්....
"හොඳට මතක තියා ගන්න සුදු මහත්තයා... නිදහස අයුතු විදිහට පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා... ඒ වගේම තමයි හැම සති අන්තෙම ගෙදර එන්න ඕන... අනවශ්‍ය සම්බන්ධකම් එහෙම පටලවගෙන මට අහුවෙන්න එපා... එහෙම උනොත් කැම්පස් ගමනත් නවත්තලා දානවා...."
පහුවදා උදේ ගෙදරින් එළියට බහින්න කලින් අප්පච්චි එයාගේ නීතී රෙගුලාසි ගැන කියනකොට අම්මා නම් මගේ දිහා බලන් හිටියේ කඳුළු පුරවන්.....
"පරිස්සමින් ඉන්න මගේ රත්තරං... උඹව රැයක් පිට තියලා නැති මට මේ ගමන ගින්දරක් පුතේ... ඒත් කරන්න දෙයක් නෑ... පරිස්සම් වෙයං මගේ රත්තරං... අප්පච්චි කිව්වා වගේ අනවශ්‍ය සම්බන්ධකම් පටලව ගන්න එපා පුතේ... ඕන කාලෙදි අපි ඒ දේවල් උඹට කරලා දෙන්නම්.... පරිස්සමින් ගිහින් වරෙං මයේ අම්මා..... "
අන්තිමට අම්මටයි අප්පච්චිටයි දෙන්නටම වැඳලා මම අප්පච්චි එක්ක පිටත් උනේ කෙලින්ම හොස්ටල් එකට... අපි යනකොටත් හොස්ටල් එක ඉස්සරහ ගීෂාන්, කසුන්, ඉරේෂ් එක්ක රුසිරුත් ඉද්දි මම දැක්කා ඊට ටිකක් ඈතින් යුදීශ් අයියලත් ඉන්නවා....
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanfictionදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️