"තමුසෙගේ අප්පච්චි හොස්ටල් එක ඉස්සරහලු....."
"අනේ අයියේ......"
අයියගේ උරහිසේ තිබ්බ මගේ අත තව තවත් තද උනේ බයට වෙනකොට මාව ගැහෙන්න ගත්තේ මොකද්ද කරන්නේ කියලා හිතන ගමන්...
"අහනවකෝ.... මම තමුසෙව අනිත් පැත්තේ ගේට් එකෙන් කැම්පස් එක ඇතුලට දාන්නම්... තමුසේ ලෙක්චර්ස් ඉවර වෙලා වගේ වෙනදා එන ගේට් එකෙන් එළියට එනවා... ගීෂාන් අප්පචිට කියලා තමුසේ තාම ලෙක් එකේ කියලා.."
එයා කියද්දී මම ඒකට ඔලුව වැනුවේ කරන්න දෙයක් නැති නිසා....
"ආ මේ හෙල්මට් එක දාගන්නවකෝ... බහිද්දි මතක් කරලා මට දෙනවා... "
එයාගේ ෆුල් ෆේස් එක ගලවලා මට දීලා මම දාගෙන හිටපු එක එයා ගද්දි මමත් ඉක්මනට ඒක දාගත්තේ එයා බයික් එක ස්ටාට් කරද්දී....
අනේ දෙයියනේ... අපිව අහුවෙන්න නම් එපා...
කැම්පස් එක ළඟට එනකන්ම මම දෙයියන්ට කිය කිය එද්දි අපි විජේරාමේ හංදියෙන් බයික් එක හරවන් කැම්පස් එක පැත්තට ආවේ හොස්ටල් එක ඉස්සරහ ඉන්න අප්පච්චිවත් පහුකරන් අනිත් පැත්තට යද්දී....
"ඉක්මනට ඇතුලට යනවා...."
එදා වගේම මැනේජ්මන්ට් එක පැත්තේ තිබ්බ ගේට් එකෙන් එයා බයික් එක ඇතුලට දාලා මගේ අතින් හෙල්මට් එක අර ගන්න ගමන් එහෙම කිව්වේ මම මුකුත් නොවුන ගාණට හොඳ හුස්මක් අරන් මේන් එන්ට්‍රන්ස් එක පැත්තට යද්දී...
"අප්පච්චි....."
කිසිම දෙයක් නොදන්න ගාණට මම ගිහින් අප්පච්චි ළඟ හිටගන්නකොට අප්පච්චි මගේ දිහා හොඳට බැලුවේ මගේ කකුල් දෙකත් වෙව්ලද්දි...
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanfictionදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️