65 කොටස

9.2K 836 596
                                    

"අයියේ... අනේ අහකට යනවකෝ මනුස්සයෝ... දූ එයි අනේ...."

මම හිටියේ හෝදපු රෙදි වගයක් නවලා අල්මාරියට දාන ගමන්... ඒත් ඉතිං කොහෙ ඒ වැඩේ කරන්නද.. මගේ කැස් වටු යුදීස් මට වද දෙනවා...

"ඔන්න ඔහොම හිටපන් බං ටිකක්...."

කරන වැඩෙත් කරන්න දෙන්නේ නැතුව හරි පරිස්සමට මගේ ඉන වටේ අත් දාලා මාව පිටි පස්සෙන් තුරුල් කරන් හිටපු එයා මගේ ගෙල දිගේ හාදු තියන්න පටන් ගත්තේ ගොඩ දවසකින්...

ඉස්සර වගේ නෙමෙයි.... අපිට තියෙන වැඩ එක්ක පැටියගේ වැඩ එක්ක හැම වෙලේම තුරුල් වෙලා ආදරෙන් ඉන්න තියෙන වෙලාව අඩුයි... ඒ විතරක් යෑ... දැන් එන්න අලුත් සාමාජිකයත් මගේ බණ්ඩියේ අයියට නම් මගේ ළඟ හුරතල් වෙන්න කොහොමත් වෙලාවක් ලැබෙන්නේ නෑ.. ඔය මොන දේ කොහොම උනත් අවුරුදු තුනක් අපේ ජීවිත වල ගෙවිලා ගිහින්... ඒත් ඒ අවුරුදු තුනටම අපේ ජීවිත එන්න එන්නම ලස්සන උනා ඇරෙන්න පොඩ්ඩක්වත් එපා වෙන දේවල් සිද්ධ උනේ නෑ....

"අයියේහ්හ්හ්......"

කල්පනාවේ හිටපු මට සද්දෙට කෙඳිරි ගෑවුනේ එයා ඉඹ ඉඹ ඉඳලා එක පාරටම මගේ බෙල්ලේ කොනක් දත් වලට අල්ල ගනිද්දී...

"මට උඹව ගොඩාක් මගෑරෙනවද මන්දා චූටි..."

පුදුම තරම් ලෝභකමකින් අයියා කියද්දී මම හෙමීට එයාගේ පැත්තට හැරුනා...

"එහෙම නෑ මහත්තයෝ... ඔයා පුළුවන් හැම වෙලේම මගේ ළඟ ඉන්නේ අනේ...."

මම එයාගේ නිරුවත් පපුවට හාදුවක් තියලා කියද්දී අයියා එහෙමම මගේ දෙතොල් වලටත් පුංචි හාදුවක් තියලා පුංචිවට නේරලා තියෙන මගේ කුසත් පිරි මැද්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම එයාගේ නිරුවත් පපුවට හාදුවක් තියලා කියද්දී අයියා එහෙමම මගේ දෙතොල් වලටත් පුංචි හාදුවක් තියලා පුංචිවට නේරලා තියෙන මගේ කුසත් පිරි මැද්දා...

දැන් මාස පහක් අපේ පුංචි පුතු පැටියා මගේ කුසට ඇවිත්... ගිය පාර වගේ නෙමෙයි මේ පාර මගේ කටේ බලේටම අපි බබාගේ ජෙන්ඩර් එක බැලුවේ මගේ ආසාවට... ලැබෙන්න ඉන්නේ කොල්ලෙක් කියලා දැන ගත්තම ගෙදර කට්ටියත් පුදුම විදිහට ඒ ගැන සතුටු උනා... ඔය හැමෝටම වඩා හැබැයි ජොලියක් ගිහින් තිබ්බේ අපේ පුංචි කෙල්ලට... එයාට මල්ලියෙක් ගේන්න යනවයි කිව්ව දවසේ ඉඳන් එයා මල්ලි එනකන් බලන් ඉන්නවා....

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now