"අන්තිමට මම ඒක කරා චූටි.... මම මගේ අරමුණ ඉටු කර ගත්තා....."
"ඔව් ඔයා ඒක කරා දීර්......"
එයාගේ නලලට මමත් හාදුවක් තියන ගමන් කියද්දී දීර් හිනා උනේ පොඩි ළමෙක් වගේ...
"මට හරි මහන්සියි චූටියෝ.... හැල්මේ දුවලා දුවලා මට හරි මහන්සියි... උඹට පුළුවන්ද මැණික මාව ටිකක් නිදි කරන්න??? "
ඇත්තටම ඒ මූණේ තිබ්බේ හරිම විඩාබර බවක්... ඒ නිසාම මම එයාවත් නැගිට්ටවන් ආවේ අපේ කාමරේට වෙනකොට මම ඇඳ උඩින් වාඩිවුනහම දීර් මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තේ ඇස් පියා ගන්න ගමන්...
එයාගෙන් අහන්න ගොඩාක් දේවල් තිබ්බා උනත් මෙවෙලේ එයාට ඕන මානසික නිදහස කියලා දැනුන නිසාම මමත් මුකුත් නොකියා එයාගේ ඔලුව සනීපෙට අත ගගා හිටියේ ටිකෙන් ටික ටිකෙන් ටික නින්ද එයාව වැලඳ ගනිද්දී...
දීර්ට නින්ද ගිහින් විනාඩි විස්සක් විතර යනකොට එයාගේ කලිසම් සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්රේට් වෙනවා දැනෙද්දි මම ඉක්මනට ඒක එළියට අර ගත්තේ දීර් නැගිටියි කියලා හිතලා....
Senesh
කෝල් එක කාගෙන්වත් නෙමෙයි සෙනේෂ් ගෙන් කියලා දැක්කම හිතට කේන්තියක් දැනුනත් මෙවෙලේ එයා ඉන්නවා ඇති කියලා හිතන තත්වේ නිසා මම කෝල් එක ආන්සර් කරේ දීර්ව පරිස්සමට කොට්ටෙන් තියලා ඇඳෙන් නැගිටින ගමන්....
"අනේ යුශ්... ඔයා... ඔයා මොකද්ද රත්තරං මේ කරේ?? ඇයි මේ වගේ දෙයක් කරේ....."
කෝල් එක එහා පැත්තෙන් සෙනේෂ් ගේ හැඬුම් හඬ ඇහෙද්දී මම අත් මිට මෙලව ගත්තේ මාවම සන්සුන් කර ගන්න ගමන්...
"ඔයා මට කියලා සමහර ෆයිල්ස් ගෙන්න ගත්තේ මේකටද යුශ්... ඒත්... ඒත් තාත්ති... අනේ මගේ තාත්තිව බේරලා දෙන්නකෝ යුශ්.. යුශ් අනේ ඔයාට මාව ඇහෙන් නැද්ද... "
තවත් සෙනේෂ් ගේ හඬක්වත් අහන් ඉන්න බැරි තැන මම කෝල් එක කට් කරලා දැම්මේ මට මේ දවස් වල වෙනදටත් වඩා කේන්ති යන නිසාමයි...
"අයියා දැම්මම නැගිටින එකක් නෑ... එයාට කන්න මොනා හරි හදන්න ඕන.... "
උදේ හදලා තිබ්බ ඒවා දවාලෙටත් ඇති උනාට ඒවා කන්න බෑ වගේ හිතුන මම කුස්සියට ඇවිත් ලූණූ මිරිස් එලවලු එහෙම කපලා ගත්තේ කරවල කෑල්ලක් තෙල් දාලා පරිප්පුවක් හදනවා කියලා හිතන්....
YOU ARE READING
ඔ හු (Yizhan) ✔️
Fanfictionදන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️