"දැන් මියුරු ගොඩක් පරිස්සමින් ඉන්න ඕන කාලෙ තේරුනාද?"
"හ්ම්ම් ඔව් අයියේ"
විනුර අයියා අද හවස අපේ ගෙදර ආවෙ රෑටත් කන්නත් අරගෙනමයි...මෙයානම් අහන පාටක් නැහැ...මම කොච්චරවත් කියනවා එනකොට එක එක දේවල් ගේන්න එපා කියලා...එත් අහන්නෙ නැහැ නූල් පොටක දෙයක් හරි අරන් එනවා...ඊයෙත් ඇවිත් පැටව් දෙන්නගේ බඩු ගන්න මාව එක්ක ගියා...විනුර අයියා එයාගෙම සල්ලි වලින්ම මට බඩු ගොඩක් අරන් දුන්නා...මම ඒ දේවල් ගන්න සල්ලි එකතු කරලා තිබුනේ...
දැන් මගේ පැටව් දෙන්නට මාස නවයක්...කලින්ටත් වඩා බඩ හරි ලොකුයි...රෝස පාට වෙලා...මමත් රෝස පාට වෙලා ගිහින්...බෝල වෙලා...මටවත් හිතාගන්න බැහැ මේ කලින් හිටපු මියුරුමද කියලා...මට දැන් මාව දැක්කමත් ලැජ්ජයි ඇයි අනේ තඩි වෙලානේ ම්හුක් කැත ඇති අප්පා...
"තේරුනා තමයි හහ්...මියුරු මම කියන දේ අහලා අපේ ගෙදර යන්න එන්න,මට පුළුවන් ඔයාව බලාගන්න අනික තව තුන්වෙනි සතියේ ඩිලිවරි එක"
ඔය පේනවනේ...තව එකක් අල්ලගෙන දැන් සතියක් තිස්සෙ ඉදන් කියවනවා...ම්හ්ක් මෙයා එක්ක බෑ අප්පා මියුරුට ඉන්න දෙන්නෙම නැහැ...
මේ විනුර අයියා කියන්නෙ එයාගෙ ගෙදර එන්න කියලා...ඔව් අයියා කියන විදියට මට පුතාලව ලැබෙන්න දින තියෙන්නෙ තුන්වෙනි සතියේ...දොස්තර කිව්වා සතියකට කලින් ඉස්පිරිතාලෙ නවතින්න කියලා...මොකද මම පොඩි නිසා අවදානම් කියලා...හිතේ බයක් තියෙනවා...ඒත් මේ දරුවෝ මගේ ශක්තිය...එයාලා එයාලගේ අම්මාට මුකුත් වෙන්න දෙන එකක් නැහැ...මම දන්නවා...
"ඒත් අයියේ~මට බැහැ ඔයාලගේ ගෙදර ඇවිත් ඔයාට කරදරයක් වෙන්න"
ඔව්...මට බැහැ විනුර අයියට කරදර කරන්න...විනුර අයියට මාව බලාගන්න පුළුවන් ඇති...ඒත් එයාගේ අම්මා තාත්තා අයියා ටිකක් අමුතුයි...එයාලා හරිම නපුරුයි...ඒ නෝනා පවා සතීෂ අයියගෙයි විනුර අයියගෙයි සම්බන්ධෙ දැනගත්තම සතීෂ අයියට ගොඩක් නරක විදියට බැනලා තිබ්බා...විනුර අයියා වුනත් ඒ ගෙදර ඉන්නෙ කැමැත්තෙන් නෙමෙයි...එයාට මුකුත් කරන්න බැහැනේ ඒ එයාගේ අම්මා තාත්තා...ඒ ගෙදර හැමදාම රන්ඩු සරුවල්...විනුර අයියව දැන් වෙන පවුලකට ජෝඩු කරන්න හදන්නෙ...ඒ නිසාම අයියා අම්මා තාත්තා එක්ක හරි හරියට රන්ඩු වෙනවා...ඉතින් මාත් ඒ අස්සෙ ගිහින් හිටියම කොහොමද...
YOU ARE READING
දුරුතු සඳ
Fanfictionප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන ~ දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන ~ Male pregnancy ! Covers by - @_Taekookie_Moon_ @Czish_77 @ishidisanayaka Started Date -: 2023.11.06 End Date -: