හතළිස්එක්වන කොටස

367 63 35
                                    

මාසයකට පමණ පසු ~

මාසයක් හරි ඉක්මනට ගෙවිලා ගිහින් තිබුනා...මේ මාස කීපෙමත් ගෙවිලා තිබුනෙත් පෙර සුපුරුදු ජීවන රටාවටම වුනා...විදූෂ මියුරු විනුර නෝරා මේ හැමෝම එකම මනසකින් මේ මාසෙත් ගෙවලා ඉවර කරලා තිබුනා...

නෝරා...නෝරා මේ වෙනකොට හිටියෙ කාර් එක පාර අයිනෙ නවත්තගෙන එලියෙ වෙන දේවල් දිහා ගිණි ගන්න ඇස් වලින් බලාගෙන...

නෝරා හිතාගෙන හිටිය දේවල් හැමදේම මායාවක් කියලා අද නෝරාගෙ ඇස් පනාපිටම පෙනුනා...නෝරා,මැරුනා කියලා හිතාගෙන හිටිය මියුරුව අද පණ පිටින් ඉන්නවා දැක්කා ඒකත් හරි සතුටින් හිනා වෙලා තමන්ගෙ හස්බන්ඩ් විදූෂ එක්කම...එතකොට විදූෂගෙ අතේ මියුරුගෙ දුවත් හිටියා වගේම මියුරුගෙ අතේ පොඩි බඩු මල්ලකුත් තිබුනා...ඉතින් විදූෂ හිටියෙත් මියුරුගෙ එක අතකින් තද කරලා අල්ලගෙන...

ඉතින් නෝරා පිච්චුනා...තමන් හිතන් හිටිය හැමදේම ගොඩක් වෙනස්...නෝරා හිතුවා ගේ ගිණි තිබ්බට පස්සෙ මියුරු මැරුනා පස්සෙ විදූෂ එයාව හොයාගෙන එයාගෙ ලඟට එයි කියලා...ඉතින් දැන් ඒ හැම බලාපොරොත්තුවක්ම නෝරාගෙ ඇස් ඉස්සරහම දෝරේ ගලාගෙන ගියා...

"නෑ!!"

නෝරා දත් මිටි කන ගමන් ෆෝන් එක අතට අරන් කෝල් එකක් ගත්තා...

"මිනිහෝ!!"

"උඹ කිව්වා නේද යකෝ අරූ මැරුනා කියලා"

"කවුද අහන්නෙ බල්ලො? අර ගේ ගිණි තියලා මරලා දාන්න කිව්ව එකාව"

"මැරුනා...හහ් උබට හොඳටම විශ්වාසද ඌ මැරුනා කියලා"

"අලු?? ඔව් ඔව් දැන් මේ උබ කියන අලු ටික වෙන්න ඇති දැන් මම මගේ ඇස් දෙකටම දැක්කෙ!!"

"අනේ පලයන් අයිසෙ යන්න!"

නෝරා කෝල් එක කට් කරලා පිටිපස්සෙ සීට් එකට විසි කරා...ඒ අතරෙ නෝරා දැක්කා විදූෂ එක්ක මියුරු කාර් එකට නැගලා යන්න යනවා...

නෝරාගෙ වාහනේ පහු කරගෙන යන විදූෂගෙ වාහනෙ දිහා බලානෙම නෝරාගෙ ඇස් වලින් කඳුලු කඩා හැලුනා...ඒ නෝරා ආදරේ කරන කෙනා...නෝරා අවුරුදු ගානක් අපරාද ගනනාවක් කරේ ඒ මනුස්සයව අයිති කරගන්න ඒත් ඒ කරපු කිසිම දේකින් ඵලක් වෙලා නැහැ...ඒවා ගඟට කපපු ඉනි වගේ ගලාගෙන ගිහින් විතරයි...

දුරුතු සඳ Where stories live. Discover now