හතළිස්වන කොටස

406 66 10
                                    

"ඉතින් ඇයි ඔයාට මාව මීට් වෙන්න ඕන කිව්වෙ?"

මම හිටියෙ ගෙදර...ගෙදර කිව්වෙ පුංචි කාලෙ ඉදන් හැදුන වැඩුන තැන...මගේ එකම සතුට තියෙනවා කියලා හිතපු තැන...ඒ වගේම මගේ ඉස්සරහා රෝද පුටුවට වෙලා එයා බලාගෙන හිටියා...තාත්තා...

එයාට ඇවිදින්න බැහැ ඇගේ එක පැත්තක් පණ නැහැ...එයාම කරවපු ඇක්සිඩන්ට් එකෙන් හිතුවෙවත් නැති විදියට එයාට අත් වුන ඉරණම මේක...ජීවිත කාලෙම රෝද පුටුවකට වෙලා කල් ගෙවන්න...සමහර විට කලකම් පළ දෙනවා කියන දේ එතනදිම වුනා වෙන්න ඇති...

"මට ටිකක් කතා කරන්න ඕන පුතා"

"ඉතින් කතා කරන්න මම එපා කිව්වෙ නෑනේ"

"විදූෂ"

මම හැරිලා මගේ එහා පැත්තෙ ඉන්න විනුර දිහා බැලුවා...ඌත් මගෙත් එක්ක ආවෙ මම අනිවා රණ්ඩුවක් ඇදගන්නවා කියලා දන්න නිසා...මගේ ඉවසීම බිංදුවයි...ඒත් මම කිව්වා මු​ට ඉන්න කියලා දුවයි නෙතූයි තනියම නිසා ඒත් මූ එල්ලිලා ආවනෙ...

"මට තනියම කතා කරන්න ඕන පුතා"

"හරි මම එලියෙන් ඉන්න දෙන්නා කතා කරගන්න...විදූෂ ප්ලීස් කේස් ඇදගන්න එපා"

විනුර මගේ කනට ලං වෙලා රහසින් කියලා ගෙදරින් එලියට ගියා...

"හරි දැන්වත් කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න මම යන්න ඕන"

"මොකක්ද මේ නටන නාඩගම විදූෂ? එකෙක් කිසිම හේතුවක් නැතුව පවු​ලෙන් වෙන් වෙලා ගියා...දැන් තමුන්ට මොකක්ද වෙලා තියෙන්නෙ?"(තාත්තා ටිකක් අපහසුවෙන් කතා කරනවා කියලා හිතන්න)

"දැන් මොකක්ද කියන්න හදන්නෙ තාත්තා? අනික මල්ලි පවුලෙන් ඈත් වුන එකට හේතුව තාත්තා දන්නෙ නැති වුනාට මම දන්නවා"

"නෝරාව ඩිවෝස් කරන්න දගලන්නෙ මොකද?"

මම කටකොනින් හිනා වෙලා සෝෆා එකට හේත්තු වුනා...

"මට ඕන නිසා"

"හේතුවක් තියෙන්න ඕන විදූෂ"

"ිතියෙනවා"

"මොකක්ද?"

මම තාත්තා දිහා කෙලින් බැලුවා...මොන දේ වුනත් මොන තරම් අබ්බගාත වෙලා හිටියත් ඉස්සර ඉදන්ම තිබුන ඒ තියුණු බැල්ම අදත් තාත්තගෙ ඇස් වල තිබුනා...

දුරුතු සඳ Where stories live. Discover now