හතළිස්දෙවන කොටස

438 68 25
                                    

🔴මෙම පොත මා විසින් පළකරනුයේ Law of taekook united author පොතට අනුකූල වෙමින් බවට මෙයින් සහතික කරමි!.

______________________________________

"අනේ අයියෙ මට බයයි අයියෙ"

"බය නොවී ඉන්නකො මියූ අපි තව ටිකක් බලමු විදූෂ එයි"

"තව වෙලා බලන්නෙ කොහොමද අයියෙ එයා ගියෙත් දවල් දෙකට විතර දැන් හයයි වෙලාව තාම නෑ අඩුගානෙ ගියාට පස්සෙ මේ වෙනකන් කෝල් එකක් නෑ කෝල් කරාට ෆෝන් එක ඕෆ් ඉතින් මම බය නොවී කොහොම ද අයියෙ?"

"මට තේරෙනවා මියූ ඒත් ඉන්නකො අපි ටිකක් බලමු"

මම හිටියෙ පපුව ගිනිගන්න ගමන්...විනුර අයියා කොච්චර කිව්වත් බය නොවී ඉන්න කියලා මට ඒක කරන්න අමාරුයි මම කොහොම ද බය නොවී ඉන්නෙ එයා තාම නැති කොට...

දවල් දෙකට විතර නෝරා නෝනා මුනගැහෙන්න ගියේ ඒත් තාම නෑ...මට බයයි දෙයියනේ...අඩුගානෙ කෝල් කරාට ෆෝන් එක උස්සන්නෙ නෑ ඒකත් ඕෆ්...මොනවා වෙලාද එයාට දෙවියනේ...මම හිතින් දහස් වතාවක් අදහන්නෙ නැති දෙවියන්ට ප්‍රාර්ථනා කරා එයාව ආරක්ෂා කරන්න කියලා...

"මියූ මේ අහන්න...දැන් මම එලියට ගිහින් බලලා එන්නම් ඌ කොහේ හරි ඉන්නවද කියලා ම්ම් එත-

"අනේ අයියෙ මාත් එනවා"

"මියූ...ඔයා ඉන්න ම්ම් දූවත් අරගෙන අපිට විදූෂ හොයන්න යන්න බැහැනෙ...මම වීල් එකක් දාගෙන බලන්න පුළුවන් හැමතැනම බලන්නම් ෆෝන් එක අතේම තියාගන්න මම නිතරම කෝල් කරනවා හරිද?"

මම හා කියන්න ඔලුව වැනුවා...විනුර අයියා මගේ ඔලුව අතගාලා ගෙදරින් එලියට බැස්සෙ නෙතුන්ව හොයන්න යන්න...මම දූව මගේ පපුවට තුරුල් කරගෙන සෝෆා එක උඩට වෙලා හිටියා...

"තාත්තා එයි මැණික"

එයාගෙ තාත්තා නැතුව දුවත් මැලවිලා ගිහින්...අනික නෙතුන් අද වැඩට යන්න විදියක් නෑ එයා අද නිවාඩු දාලයි මාව බලන්න ආවෙ...ඒ මොනවා වුනත් කොහේ ගියත් එයා මට කෝල් කරනවා නැත්නම් කෝල් එක ආන්සර් කරනවා ඒත් අද මේ තරම් වෙලා ගිහිල්ලත් තාම එක කෝල් එකක් නෑ...මේ පැය ගානට මම කෝල් සීයක් ගන්න ඇති ඒත් ඒ හැමවෙලාවෙම කිව්වෙ ෆෝන් එක ඕෆ් කියලා...

දුරුතු සඳ Where stories live. Discover now