විසිදෙවන කොටස

601 92 102
                                    

~මාස කිහිපයකට පසු~

වෙනදට වඩා අද හරිම ලස්සන දවසක්...හරිම පැහැදිලියි...අහස වුනත් ලස්සනට නිල් පාටට හැඩ ගැහිලා...උදේ නැගිටිද්දි වුනත් මට දැනුනෙ හරිම නැවුම් බවක් මම දන්නෙ නැ ඒ ඇයි කියලා එක්කො සමහරවිට එයාලා ආවෙ මගේ ජීවිතේ සතුටු කරන්නම ඇති...

මම හිටියෙ මහත්තයගේ කාර් එක ඇතුලෙ...මගේ අතේ මගේ මැණික් කැට දෙකම සැපට නිදාගෙන හිටියා...දැන් මගේ දරුවෝ දෙන්නා ලොකුයි...ඉතින් අද දවසම නැවුම් නැති වෙයිද...

කලින් සිද්ද වුන දේවල් වලට පස්සෙ මාස කීපයක් ගලාගෙන ගිහින් තිබුනා...මේ මාස ගානට කිසිම ප්‍රශ්නයක් ඇති වුනේ නැ...සමාන්‍ය විදියට හැමදේම සිද්ද වුනා...මහත්තයා වුනත් පුළුවන් වෙලාවට ඇවිත් අපිව බලලා ගියා...

"මගේ රත්තරන්"

මම මගේ පැටව්න්ගෙ හිස් මුදුන් ආදරෙන් සිපගත්තා...අද මගේ දරුවන්ගෙ අවුරුද්දෙ උපන්දිනේ...අනේ ඉතින් හිතුවෙවත් නැති විදියට කාලේ ගෙවිලා ගිහින්...මහත්තයා පුතාවත් අරන් අද අපේ ගෙදර ආවෙත් ඒ නිසාමයි...ඉතින් මහත්තයමයි තීරණය කරේ අද විශේෂ දවසක් නිසා මුහුදු යමු කියලා...ඉතින් අපි හිටියෙ යන ගමන්...

"අද වැඩි සෙනගක් නැහැ නේද මහත්තයා?"

"ඒක තමයි ඒ වුනාට ඒක හොඳයි නෙතූ"

මුහුදට යන පාරට දැම්මම මම මහත්තයා දිහා බලලා කතා කරා...ඇත්ත අද ගොඩක් සෙනග අඩුයි...සමහර විට සතියෙ දවසක් නිසා වෙන්න ඇති...නැත්නම් මිනිස්සු පිරිලා මේ හරියෙ...

"නෙතූ! ඔයා ඉන්න මම දොර අරින්නම්"

කාර් එක පාක් කරාට පස්සෙ මම දොර අරින්න ගියත් මහත්තයා මාව නැවැත්තුවා...ඇත්තමයි එයා මට නෙතූ කියලා කතා කරද්දි මගේ මුලු ඇඟම ක්ෂණිකෙන් රත් වෙලා කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා...මම දන්නෙ නැ ඒ ඇයි කියලා ඒක හරිම අමුතු කියන්න නොතේරෙන හැඟීමක්...ඒත් මම ආසයි එයා මට එහෙම කතා කරනවට...

එයා කාර් එකෙන් බැහැලා ගිහින් මගේ පැත්තෙ දොර ඇරලා ඇස් කරකව කරකව ඉන්න අපේ දෝණි පොඩ්ඩව අතට අරගෙන මගේ අතින් අල්ලගෙන මාව පරිස්සමට බැස්සුවා...මේ වෙලාවෙ මට දැනෙන හැඟීම මොකක්ද කියලා මටවත් තේරෙන්නෙ නැ ඒත් මට මම සම්පූර්ණයි වගේ හැඟීමක් දැනෙනවා...

දුරුතු සඳ Where stories live. Discover now