තිස්තුන්වන කොටස

437 73 60
                                    

කවදාවත් නැතුව අදනම් ඇගට පුදුම තරම් සැනසීමක් සනීපයක් දැනුනා...වෙනදා උදේට නිදාගෙන නැගිටින්නෙ කිසිම හොඳකින් නෙමේ ඇග පතට හරිම ආමාරුයි...ඒත් අද ඒක වෙනස් වෙලා...නිකන් වලාකුළු අතරෙ ඉන්නවා වගේ හැඟීමක් තමයි මට දැනුනෙ...ඒ වගේම අමුතුම සුවඳක්...ඒක හරිම හිත පිනවන සුවඳක්...

හැබැයි එක වෙනසක්...මට දැනුනා මගේ ඉන වටේට තද මොකක් හරි දෙයක් එතිලා වගේ තියෙනවා...සර්පයෙක්වත්ද?

මම පියාගෙන ඉන්න මගේ ඇස් හිමින් සැරේ ඇරලා වටපිට බැලුවා...ඒත් මේ කොහේද? මගේ කාමරේ මේ තරම් ලස්සන නැහැනෙ...අනික මේ තරම් කිරි සුදුවටත් නැහැ...එතකොට මම මේ කොහෙද ඉන්නෙ...තවත් ටිකක් විපරම් කරලා බලන්න ඕන නිසාම මම මගේ උඩට හැරවුන ඇස් මගේ දකුණු පැත්තට අරන් ගියා...

සත්තයි මගේ ඇස් උඩ ගියා...මගේ ඇස් මේ විසාල වුන තරමට එලියටත් පනී...එහෙම නොවී කොහොමද මගේ එහාපැත්තෙ ඉන්න කෙනාව දැක්කම...එතකොට මෙයාගෙ අතද මගේ ඉන වටේ එතිලා තියෙන්නෙ...

එ එතකොට මම මෙයාගෙ ගෙදර නේද ඉන්නෙ?

ඔව් මට මතක් වුනා ඊයේ රෑ මම ආපුවම වුන හැමදේම...

දැන් ටිකක් දවල් වෙලා වගේ පෙනුන නිසාම මම හැදුවෙ මගේ ඉන වටේ එතිලා තියෙන නෙතුන්ගෙ අත අයින් කරන්න වුනත් ඒකනම් මට හීනයක්ම වුනා...

"මේ"

"න් නෙතුන්"

"මේ නැගිටින්නකො අනේ ම්හ්ක්"

මේ යකා හෙල්ලෙන්නෙවත් නැහැනෙ...එපා වෙනවා අප්පා හුම්...මේ අත බරත් එක්ක...

"නෙතුන් නැගිටින්නකො"

"ම්ම්ම්"

"නැගිටින්න දැන් දවල් වෙලා"

"හම්මෝ...ගුඩ් මෝනින් නෙතූ"

"ග් ගුඩ් මෝනින්"

ඇත්තමයි උදේට එ කටහඬ තිබුනටත් වඩා මාරම ගැඹුරුයි...මට හිතාගන්නත් බැහැ...මාව ගැස්සිලත් ගියා...

"අපි නැගිටිමුද දැන් දවල් වෙලා"

"මොන දවල්ද තාම නවයයි වෙලාව"

"කමක් නෑ...එහෙනම් ඔයා ඉන්නකො මම දැන් යන්න ලෑස්ති වෙන්නත් ඕන"

දුරුතු සඳ Where stories live. Discover now