තිස්හයවෙනි කොටස

512 74 74
                                    

දාලා තියෙන සින්දුව අනිවාරෙන් අහන ගමන් කියවන්න මේකෙ අහන්න බැරිනම් ඒ සින්දුව දාගෙන හරි කියවන්න පැටව්නේ😙මගේ ඉල්ලීමක්♥️(මේ කොටස ඉවර වෙනකන් ඒක අහන්න)



"හැමදෙයක්ම මගේ ප්ලෑන් එකට අනුව වෙන්න ඕන තේරුනාද?!"

"ඔව් මැඩම්"

පරණ,අඳුරු කාමරයක් ඇතුලෙ හිටිය තරුණිය තමන් ඉස්සරහා හිටගෙන ඉන්න හැදිදැඩි පිරිමි දෙන්නට කිව්වා...

"පොඩි දෙයක් හරි මිස් වුනොත් හැමදේම වතුරෙ ඒ නිසා වැඩේ හරියට වෙන්න ඕන"

"ඕකේ මැඩම්"

පිරිමි දෙදෙනා ඔවුන්ගෙ ඉස්සරහින් වාඩි වෙලා ඉන්න තරුණියට කිව්වා...

"ඒත් නෝරා මැඩම් අපි කොහොමද එතනට යන්නෙ?"

නෝරා...මේ සැරෙත් නෝරා මොකක්ම හරි දේකට ලෑස්ති වෙමින් හිටියා...

"මම ඒක කියන්නම්...දැන් තමුන්ලා යනවා ආයෙ මම රෑට කෝල් කරාම මෙතනට එන්න ඕන!"

"ඕකේ මැඩම්"

පිරිමි ටික එතනින් එලියට ගියාම නෝ​රා තමන් වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා අඳුරු කාමරෙන් එලියට ආවා...ඒක පරණ ඉදිකරමින් පවතින නමුත් නැවතිලා ගියපු ගොඩනැගිල්ලක්...බැල්කනි එක ලගට ආපු නෝරා පොකට් එකෙන් සිගරට් එකක් අරන් පත්තු කරගෙන බොන්න ගත්තා...

"විදූෂ විදූෂ....අපි බලමු මේ සැරේ තමුන්ට එයාව බේරගන්න පුළුවන් වෙයිද කියලා"

සිගරට් එකේ දුම පිට කරන ගමන් නෝරා කටකොනින් හිනා වුනා...

.

.

.

.

.

.

.

.

.

"හාහ්"

ඇදෙන් නැගිටලා හිරි ඇරලා හොඳ ඈනුමකුත් ඇරිය මම බෙඩ් කබඩ් එක උඩ තියලා තියෙන තේ එකත් අරන් බැල්කනි එකට ආවෙ ඒක මගේ දින චර්යාවෙ උඩින්ම තියෙන දෙයක් නිසා...

තේ එකෙන් උගුරක් බීලා මම බැලුවෙ ඇඳ දිහා...වෙනදා වගේම නෝරා මගේ එහාපැත්තෙ හාන්සි වෙලා හිටියා...කොච්චර ඈත් කරන්න උත්සාහ කරත් නෝරා මගේ අස්සෙම දැවටෙන්න ගන්නවා...බැරිම තැන මහ රෑ නැගිටලා කවුච් එකට ගියත් එතන වකුටු වෙලා නිදාගන්න අමාරුයි...

දුරුතු සඳ Where stories live. Discover now