අටවන කොටස

670 93 72
                                    

"අනේ ගොඩක් පිං නැන්දෙ,නැන්දා මට මේ කරන උදව් වලට"

"අනේ නිකන් ඉදින් බන් මොකට පිං දෙනවද? උඹත් මගේ දරුවෙක් ඉතින් මගේ දරුවෙක්ට මාව ඕනම වෙලාවෙ ලඟින් ඉන්නෙ නැතුව වෙන මොනවා කරන්නද?"

නයනා නැන්දා කියන ඒවට මගේ ඇස් වල කඳුලු පිරුනා...ඇත්ත නයනා නැන්දට මාව එයාගෙම දරුවෙක් වගේ...ඉතින් මටත් නයනා නැන්දා මගේම අම්මා වගේ...අම්මගේ තැන කාටවත් දෙන්න බැහැ තමයි ඒ වුනත් මට පුළුවන් නයනා නැන්දව මගේ අම්මා විදියට හිතන්න...හැම මනුස්සයෙක්ම එක වගේ නෙමෙයි කියන දේ මම අඳුන ගත්තෙම මගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙන්...

"නැන්දෙ දරුවන්ට මගේ කිරි මදි වෙයි නේද?"

"ම්ම්ම් ඒකනම් ඇත්ත හැබැයි තව මාස පහක්වත් යනකන් මව් කිරි දෙන්න ඕන පස්සෙ බැරිය පිටිකිරි දෙන්න...දැන් උඹ ඒවා නොහිතා හිටපන්කෝ අපි බලමු මොකක් හරි කරන්න"

මම ගෙදර ඇවිත් දැන් සති දෙකක් විතර වෙනවා...සීස කරපු නිසා ඇවිදින්න කරන්න අමාරු නිසාමයි නයනා නැන්දා ගෙදර වැඩපල කරන්නෙ...නයනා නැන්දා ඇවිල්ලත් දැන් සති එකහමාරක් විතර වෙනවා...පොඩි උන් දෙන්නගේ වගකීම අක්කට බාර කරලා ආවට සිරීගෙන් ගෙදර ගියාම ගැලවුමක් නැ කියන්න නයනා නැන්දා දන්නවා...

සති තුනක් විතර වෙනකන් මට මුකුත් වැඩ පල කරන්න එපා කියලා ඉස්පිරිතාලෙන් කිව්වා...ආපු දවසෙ ඉදන් නයනා නැන්දා තමයි ගෙදර වැඩ හැම එකක්ම කරේ...මට දුකයි...ඒත් මොනවා කරන්නද මුල් දවස් වල මට ඇවිදගන්නත් බැරි වුනා...දැන්නම් හිටියට වඩා ගොඩක් හොඳ නිසා සතුටුයි...

මම වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිටලා ආවෙ කාමරේට...අනේ ඔය ඉන්නෙ සැපට නිදා ගෙන මගේ මැණික් කැට දෙක...මගේ පන...කිරි බීලා බන්ඩි පුරෝගෙන තමයි ඉතින් ඔය ඉන්නෙ දෙන්නා...

"රත්තරං...අනේ අනේ නැගිටින්න ඕනකමක් නැ වගේ"

දැන් ගොඩක් වෙලා වෙනවා දෙන්නා නිදාගෙන...මේ දෙන්නා මෙහෙම නිදාගෙන ඉන්නකොට පාලුයිත් එක්ක...

"ම්ම් අහ් හුවෑහ් හුවෑහ්~"

"ඔහ් ශ්ශ්ශ්ශ් මගේ රත්තරං ශ්ශ්"

දුරුතු සඳ Where stories live. Discover now