හතළිස්පස්වන කොටස

626 61 56
                                    

"මේ මිනිහා මොනවා කරනවා ඇත්ද තාම න්-

"ආහ් විදූෂ!!!!"

විනුර හිටියෙ විදූෂ රෑ හත විතර වෙනකනුත් ගෙදර ආවෙ නැති එකට දොස් කිය කිය වෙද්දි ඒත් එක පාරටම ගෙදර දොර ඇරිලා කෙල්ලෙක් ඇතුලට විසි වුනා...විනුර ගැස්සිලා බැලුවෙ මොකක්ද වුනේ කියලා...හිතාගන්නවත් බැරි විදියට ඉස්සරහා දොර ඇරිලා කෙල්ලෙක් තමන්ගෙ ගේ ඇතුලට වැටුනම කවුද පුදුම වෙන්නෙ නැත්තෙ? විනුර ඇස් ලොකු කරගෙන බලා​ගෙන හිටියෙ බිම වැටිලා ඉන්න කෙල්ල ලඟින් හිටගෙන ගිනි ගන්න ඇස් වලින් ඒ කෙල්ල දිහා බලන් ඉන්න විදූෂ දිහා...

ඒත් විනුරගෙ ඇස් ආයෙත් පුදුමෙන් ලොකු වුනේ බිම වැටුන කෙල්ල විනුර දිහා බැලුවම...ඒ වෙන කවුරුත් නෙමේ...

ඒ...

"නෝරා!!"

විනුරට තාම හිතාගන්න බෑ මේ වෙන දේවල්...විදූෂ මොනවද මේ කරන්න යන්නෙ කියන දේ තාමත් පැහැදිලි නැහැ...

"විදූෂ මොකක්ද මේ වෙන්නෙ මට මේවා පැහැදිලි කරපන් බන් මට පිස්සු වගේ"

"හැමදේම විසඳගන්න හදන්නෙ!"

"ඒත් නෝරාව මෙහාට ගෙනාවෙ ඇයි?"

"කවදාවත් කරන්න තියා හිතුවෙවත් නැති දෙයක් කරන්න!"

එහෙම කියපු විදූෂ දත් මිටි කන ගමන් බිම වැටිලා ඉන්න නෝරාගෙ අතින් ඇදලා අල්ලගත්තා...

"නැගිටපන්!"

"විදූෂ ඔයා මේ මොකක්ද කරන්නෙ යන්නෙ ප්ලීස් මාව අතඅරින්න"

නෝරා අඬනවා...නෝරා කවදාවත් නැතුව අද බය වෙලා...

නෝරා හිටියෙ එයාගෙ අම්මා එක්ක අම්මා ඉන්න ගෙදර...ඒත් එකපාරටම ආපු විදූෂ නෝරාව ඇදගෙන ආවෙ සතෙක් වගේ ඉතින් නෝරා හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව වගේම ගොඩක් බය වෙලා...මොකද නෝරා දන්නවා දැන් ඉන්න විදූෂ එයාවත් අඩුගානෙ නෙතූවත් දන්න විදූෂ නෙමේ කියලා...

"විනුර!! ස්ටෝ රූම් එක අරින්න!!"

"හ් හරි"

විනුර හිටියෙත් බය වෙලා...එයා වුනත් මීට කලින් මෙහෙම විදූෂ කෙනෙක් දැකලා නෑ...ඉතින් විනුර හනික දුවලා ගියේ ස්ටෝ රූම් එකේ කී එක ගේන්න්...ඒ අතරෙත් නෝරා හිටියෙ විදූෂගෙන් අත ගලව ගන්න උත්සාහ කරනවා වගේ...ඒත් ඒ ග්‍රහණය තවත් වැඩි වෙනවා මිසක් බුරුල් වුනේ නෑ...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 15, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

දුරුතු සඳ Where stories live. Discover now