තිස්නවවන කොටස

562 65 68
                                    

විනුරගෙ ගෙදරින් එලියට බැහැලා ආවට මොකද මට කිසිම අදහසක් නැහැ මම මොකක්ද කරන්න ඕන කියලා...

කාර් එකට නැගලා මම කල්පනා කරේ කොහේද යන්නෙ කියලා...එක්කො ගෙදර ගිහින් යනවා...ගෙදරටත් බඩු ටිකක් අරන් යන්න ඕනනෙ...අනික පුතාව මම දවස් දෙකකින් දැක්කෙ නෑ...ඉතින් ඒ නිසාම මම කාර් එක ස්ටාට් කරන් යන්න ගත්තෙ ගෙදරට...

මගින් ගන්න ඕන කරන දේවලුත් අරන් මම ගෙදරට ගියා...

"විදූෂ!!!"

"කොහේද හිටියෙ මේ දවස් ටිකේ?"

මම බඩු ටිකත් අරන් ගෙට ගොඩ වෙද්දිම නෝරා ඇවිත් මගේ ඇගේ එල්ලුනා...නෝරා අහපු කිසිම දේකට උත්තර නොදී මම යන්න හැදුවත් නෝරා මගේ අත තද කරලා අල්ලගත්තා...

"නෝරා මාව අතඅරින්න මේ බඩු ටික තියන්න ඕන"

"ඊට කලින් මට කියන්න ඔයා දවස් දෙකක් කොහේද හිටියෙ කියලා"

"මම හිටියෙ මම ඉන්න ඕන තැන!"

මම නෝරාගෙ අත ගසලා දාලා කිචන් එකට ආවා...කිචන් එකට එනකොටත් නැනී වැඩ...

"ආනේඒඒ මගේ පුතේ!!"

"කොහේද දරුවො මේ තරම් දවස් හිටියෙ?"

"දවස් දෙකයිනෙ නැනී අම්මා"

"දවස් දෙක වුනත් හහ් කොහේද හිටියෙ?"

"පොඩි වැඩ වගේකට පිට හිටියෙ...ඒක නෙමේ මට තේ එකක් හදන්නකො මම පුතා බලලා එන්නම්"

"හොදයි පුංචි මහත්තයා...දරුවා නිදි දැන් නැගිටී"

මම නැනී කියපු දේට ඔලුව වනලා කිචන් එකෙන් ආවා...ඒ එද්දි හිටපු තැන නෝරා හිටියෙ නැහැ...

විදූෂ කිචන් එකෙන් එලියට ඇවිත් කෙලින්ම ගියේ පුතා නිදාගෙන ඉන්න බේබි රූම් එකට...විදූෂ හිමින් සීරුවෙ කාමරේට යද්දිත් පුතා හිටියෙ නිදාගෙන...කොට් එක ලගට ලං වුන විදූෂ පුතාගෙ ඔලුව අතගෑවෙ හරිම හෙමින් වගේම ලොකු ආදරේකින්...

"සුදු පුතා මගේ"

විදූෂ නැවිලා පුතාගෙ හිස් මුදුනින් හාදුවක් තිබ්බත් විදූෂගෙ මූන ඇඹුල් වුනෙ පුතා නැගිටලා අඩන්න ගත්ත නිසා...

දුරුතු සඳ Where stories live. Discover now