ඇයි මම හැමදාමත් මේ තරම් අසරණ වෙන්නෙ...හැමදාමත් මම ආදරේ කියන වචනෙ ඉස්සරහ අසරණ වුනා...හිතාගන්න බැහැ මම මොන පවක් කරලද කියලා...එයා නිසා බිඳුනු හදවත තවමත් මට හදාගන්න බැහැ...මගේ පුංචි එකා රෑ පුරා කෑ මොර දීලා අඩනකොට ඒකව නලවගන්න බැරි වුනාම මගේ ඇස් වලිනුත් කඳුලු ගලන්නෙ මහන්සිය දරාගන්න බැරිම තැන...සමහර දවසට පුංචි එකත් එක්කම කෑ ගහලා අඬන මගේ දුක දන්නෙ මගේ ඇස් දෙකම විතරයි...අලුත ගිය රස්සාවෙන් යන්තම් වෙනදට වඩා හොදට කාලා ඇඳලා ඉන්නවා...ඒත් එතනත් හරි මහන්සියි...පැටියව රේණු නැන්දා ගාවින් තියලා යන්නෙ හිතකින් නෙමෙයි වුනත් මට වෙන කරන්න දෙයක් නැති නිසා...මට ගෙදර ආවත් හරි මහන්සියි...හැමදවසක්ම මහන්සියි හැමමොහොතක්ම මහන්සියි ඒත්...
එයා ගාවදි මට මහන්සියක් දැනෙන්නෙ නැතිම තරම්...
"නෙතූ?"
"මහත්තයා"
අදත් එයා ආවා...එදා මම කිව්ව දේවල් මතකවත් නැහැ වගේ එයා අද ආපු වෙලේ ඉදන් මාත් එක්ක වෙනදා වගේම හිටියා...මට පුදුමයි කොහොමද මනුස්සයෙක් ප්‍රතික්ෂේප වුනාට පස්සෙත් මේ තරම් හොඳට ඒ කෙනා ඉස්සරහටම එන්නෙ කියලා...
"මොකද කරන්නෙ?"
"මම මේ මඤ්ඤොක්කා ටික තම්බන්න කියල බැලුවෙ මහත්තයා"
එයා ඇවිත් මගේ එහාපැත්තෙ බිමින් වාඩි වුනා...මම පුදුමෙන් බැලුවෙ එයාගෙ දිහා...මම මේ කුස්සියේ බිම වාඩි වුනාට මෙයාට හුරුද අනේ මේවා...අනික මේ ජරා පොලොවෙ...
"මොකද පුදුම වෙලා?"
"මහත්තයා ඔය කොහෙද වාඩි වෙලා ඉන්නෙ? විකාර නැතුව ගිහින් අන්න අර බංකුව උඩින් වාඩි වෙන්න"
"ඒ මොකටද මම එතනින් වාඩි වෙන්නෙ?අනික නෙතූ ඉන්නෙත් බිමනෙ"
"මට මේවා හුරුයි ඒ වුනාට පිට කෙනෙක් මෙහෙම බිමින් ඉන්න එක හොඳ නැහැනෙ"
ඔන්න මූන එල්ල ගත්තා...අනේ මන්දා මේකත් හරියට පොඩි එකෙක් වගේ...අවුරුදු විසි හතක් අටක් වෙනවා ඒ වුනාට තාම පොඩි එකා වගේ...දැන් ඉන්නව ඇඟිල්ලෙන් බිම පහුරු ගගා...මම එක සැරයක් ආයෙ බලලා මගේ වැඩේ කරන්න ගත්තා...
YOU ARE READING
දුරුතු සඳ
Fanfictionප්රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන ~ දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන ~ Male pregnancy ! Covers by - @_Taekookie_Moon_ @Czish_77 @ishidisanayaka Started Date -: 2023.11.06 End Date -: