මාසයකට පමණ පසු ~
මාසයක කාලයක් නොදැනිම ගෙවිලා ගිහින් තිබුනා...කලින්නම් මාසයක් නෙමේ දවසක් ගෙවෙන්නෙත් හිතේ බරක් එක්ක...කොච්චරනම් දැනෙනවද එහෙම දවසක් වුනත් ගෙවිලා යද්දි...ඒත් දැන් එයා නිසාම මගේ හිත හරි සතුටින් පිනුම් ගහනවා...ඉතින් මාසයක් වුනත් මටත් නොදැනි ගෙවිලා ගිහින් තිබුනා...
මේ මාසෙ කියලත් කිසිම වෙනසක් නැහැ...හැමදේම කලින් වුන විදියටම වුනා...
ඒත් එක දෙයක්.
මීට මාස දෙකකට විතර කලින් සහභාගී වුන චිත්‍ර තරඟෙ ප්‍රතිඵල ආවා මීට දවස් තුනකට කලින්...ඉතින් මම තමයි ගාලු දිස්ත්‍රික් පස්වෙනියා...මට හිතා ගන්න බැරි වුනා මේ තරම් ඉක්මනට මට මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා...මට සතුටුයි...ඒකයි වෙනදටත් වඩා මගේ හිත සතුටින් පිනුම් ගහන්නෙ...
මගේ ප්‍රතිඵලය කියලා ගෙදරට ලියුම ඇවිත් ඒක කඩලා බලපු විනාඩි දෙකෙන් තුනෙන් පස්සෙ මම කතා කරේ එයාට...නෙතුන්ට...මටත් වැඩිය සතුටු වුනේ එයා...ඉතින් අද තමයි මට තෑගි ප්‍රධානෝත්සවයට හෝල් දි ගෝල් එකට යන්න තියෙන්නෙ...එයා එනවා කිව්වා මාත් එක්ක යන්න...ඉතින් මම මේ ලෑස්ති වෙලා එයා එනකන් බලාගෙන ඉන්නවා...
"මම්මා ම්හ් මම්මා"
"ඕ මැණික...අපි තව ටිකක් ඉමුකො ම්ම්"
කෙලි පොඩ්ඩ මගේ උකුල උඩ ඉදන් දගලන්න ගත්තෙ දැන් පැය බාගයක් තිස්සෙ ඉදන් එකම විදියට ඉදලා එපා වෙලා වෙන්ට ඇති...මම දූව රේණු නැන්දට දීලා යමු කිව්වත් එයා කිව්වා දූවත් අරන් යමු කියලා...ඉතින් කොහෙද තාම නෑනේ මේ මනුස්සයා...
උත්සවේ පටන් ගන්නෙ දහයට දැනටම නවයයි තිහයි...අඩුගානෙ නවයයි හතලිස් පහ වෙද්දිවත් අපිට එතන ඉන්න කියලා තිබුනා...මම මේ නවයෙ ඉදන් ලෑස්ති වෙලා බලන් ඉන්නෙ මෙයා එනකන්...
දූයි මායි දෙන්නම ගෙදර ඉස්සරහා තියෙන පුටු කෑල්ලෙන් වාඩි වෙලා හිටියත් තවත් බැරි නිසාම මම දූවත් වඩාගෙන එයාට එක එක ඒවා කිය කිය මිදුල වටේ ඇවිද්දා...
YOU ARE READING
දුරුතු සඳ
Fanfictionප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන ~ දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන ~ Male pregnancy ! Covers by - @_Taekookie_Moon_ @Czish_77 @ishidisanayaka Started Date -: 2023.11.06 End Date -: