විසිවන කොටස

632 110 63
                                    

කලින් චැප්ටර් එක කියවලා එන්න!

______________________________________

ඒ ඇවිත් හිටියෙ විදූෂ...මියුරුගෙ විදූෂ මහත්තයා...ඉතින් මෙතන මොන දේ වෙලා තිබුනත් මියුරුගෙ මූන හිනාවෙන් පිරුනා...මියුරුට ඕන වුනා මෙච්චර දවසක් නෑවිත් හිටිය විදූෂව දුවලා ගිහින් බදාගන්න...ඒත් ඒකට යන්න වුනේ නැත්තෙ විදූ මියුරුගෙ අත තදින් අල්ලගෙන හිටියා...මියුරු බැලුවෙ එයාලගෙ අත් පැටලිලා තියෙන දිහා...

"තමුසෙ කවුද?!"

විදූ අහපු ප්‍රශ්නෙත් එක්ක විදූෂ කටකොනින් හිනා වෙලා සාක්කු දෙකට අත් දාගත්තා...මියුරු ඒ දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ...කඩවසම්...විදූෂ කියන්නෙ හැමඅතින්ම කඩවසම් පිරිමියෙක්...දුඹුරු පාට දිග කලිසමට අත් වැලමිට ලඟට වෙනකන් නවපු ක්‍රීම් පාට ෂර්ට් එකක් ඇඳලා හිටියා...ඉතින් එහෙම ඉන්න පිරිමියෙක්ට කවුද වශී නොවෙන්නෙ?

"මම කවුද කියන එක බොහොම ඉක්මනට මිස්ට විදුරංගට දැනගන්න පුළුවන් වෙයි...ඒත් ඊට කලින් කරන්න කියපු දේ කරොත් නරකද?"

"මොකක්ද?"

"මෙහෙන් යන්න!"

විදූෂ ඉස්සරහට ඇවිත් හරියටම විදුරංගගෙ ඇස් කෙලින් බලාගෙන හිටගත්තා...ඒ ඇස් වල තියෙන තියුණු පෙනුම දරාගන්න බැරිම තැන විදූගෙ ඇස් ගැස්සෙන හැටි විදූෂ දැක්කා...

මියුරුව බලන්න කියලා ආපු විදූෂට අදත් දකින්න ලැබුනෙ එක බංකුවෙ එක ලගින් වාඩි වෙලා කතා කරන මියුරුවයි විදූවයි වෙන කොට ආයෙත් හැරිලා යන්න ගියත් කතා කරන දේවල් ඇහෙනවත් එක්කම විදූෂගෙ කකුල් එතනම නැවතුනා...ඉතින් ඇහෙන දේවල් නිසාම විදූෂ ඉන්න තීරණය කරා...

"මට මෙහෙන් යන්න කියන්න තමුසෙ කවුද?"

"එතකොට මෙහේ ඇවිත් ඉන්න තමුන් කවුද මිස්ට?"

විදූෂ හරිම සන්සුන්ව කතා කරා...

"මම ද? හහ් මම තමයි මියුරුගෙ හස්බන්ඩ් ඒ වගේම මේ දරුවන්ගෙ තාත්තා"

ඒ ඇහුන දේත් එක්ක විදූෂට හිනා යන්න ආවත් මියුරු පුදුමෙන් ලොකු වුන ඇස් වලින් විදූ දිහා බැලුවා...තවමත් විදූ මියුරුගෙ පුංචි අත තදින් අල්ලගෙන හිටියා...මියුරුට ඕන වුනත් ඒ අත ගලවගන්න ඒත් ඒක හිතුව තරම් ලේසි වුනේ නැ...විදූෂ දැක්කා මියුරු අත ගලවගන්න දරන වෙහෙස...

දුරුතු සඳ Where stories live. Discover now