ආහාර පාන, කතා බහ, සුළු මායාවන් අතරේ කාලය නොදැනීම ගෙවී යද්දී, ඩාරාවේ ගත කළ හොඳම රාත්රිය ලෙස මේ රාත්රිය නම් කළ හැකි බවට ඔවුන් සියලු දෙනාම එකඟ වුණා.
නිදි වර්ජිතව සිටීමත්, කුස පිරීයාමත් නිසා නිදිබරව සිටි ඇස්ට්රියා ගේ වමත අන් අයට නොපෙනෙන්නට ඩ්රයිඩන් පිරිමදිමින් සිටියේ ඇගේ කම්මුල් රත්පැහැ ගනිද්දියි.
" හෙට දඩයම් කරන්නට සෙක්ටස් වනයට යාමට ඔබ එක්වනවා නොවේද?" අzසුල් , ඩ්රයිඩන් ගෙන් විමසා සිටියා.
" අනිවාර්යයෙන්ම මා පැමිණෙනවා. දිනය පුරාම එය පැවැත්වෙනවා නොවේද?"
" උදෑසන දඩයමත්, සවස් කාලයේ විනෝද වීමත් කළ හැකියි. රාත්රී භෝජනය අවසන් කර අපට යළි මාළිගාවට පැමිණිය හැකියි. අප රාත්රී කඳවුරු බඳිනවාට පිය රජු මනාප වූයේ නැහැ." අzසුල් කියා සිටියා.
සාදය අවසානයේ සියලු දෙනාම යළි මාළිගාව කරා ගියේ එළඹෙන දිනයේ සෙක්ටස් වනයේ දඩයම් සංචාරය ගැන නොයෙක් සැලසුම් කරමින්. කුමරියන් තිදෙනා දඩයම් සඳහා සහභාගී නොවූවත්, සෙක්ටස් වනයේ ඔවුන් තාවකාලිකව ලැගුම් ගන්නා සාටිස් නදිය අසල භූමියේ රැඳී සිටින්නට ඔවුන් හා එක්වන බවට තීරණය කෙරුණා.
තමන්ට විවිධ පැළෑටි රැස් කර ගැනීමට මෙය මහඟු අවස්තාවක් බවයි ඇස්ට්රියා කල්පනා කළේ.
.
.
.
.
.
" කොලින්... ඔබ ඇයි මේ තරම් මත් වූයේ. ඔබ නම් සැබෑම උන්මත්තකයෙක් " ඇස්ට්රියා කෝපයෙන් පැවසුවේ, තවමත් මත් බවින් පීඩා විඳින කොලින්ගේ සයනය අසලින් හිඳ ගනිමින්. තවත් සුළු මොහොතකින් සියලු දෙනාම සෙක්ටස් වනයට පිටත් වන්නට සූදානමින් සිටියත්, කොලින් කෙලින් සිට ගැනීමටවත් නොහැකි තරමට දුර්වලව සිටියා." මේ හිස කැරකවිල්ලට යමක් කරන්න ඇස්ට්රියා " ඔහු එසේ කියද්දිත් කෝපයෙන් ඔහුගේ දෙකන් මත දෑත් තැබූ ඇය සිය මායාවන් ක්රියාත්මක කර ඔහුට යම් සහනයක් ලබා දුන්නා. සිරුරේ දුවන මත් පැන් නිසාම තමන්ව සුව කරගන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. අනෙක් අතට මත් බව දුරලන්න හැකි මායාවක් බානබස් හි පැවතුනේත් නැහැ.
![](https://img.wattpad.com/cover/357601064-288-k743307.jpg)
YOU ARE READING
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasyදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡