ඉල්ලීමක් - හැකි නම් මේ කොටස කියවන්න කලින් මෙන්න මේ සිංදුව අහන්න
" දැනෙනා තුරු මා" - දිනේෂ් ගමගේ
ඇස්ට්‍රියා සෙමෙන් දෑස් විවර කරද්දී ඔහු ඇගේ තුරුළේ සන්සුන් නින්දක ගිලී සිටියා. සෙමෙන් ඇගේ සුරත නිදහස් කරගත් ඇය , දීර්ඝ සුසුමක් පිට කර හස්ත මුද්‍රාව සකස් කරගෙන ඔහුගේ නළලත මතට එය එල්ල කළා. නමුත් මායාවන් ක්‍රියාත්මක කිරීමට පෙර ඇගේ මැණික් කටුව ඔහුගේ දැඩි ග්‍රහණයට ලක් වුණා.
" ඔබ... ඔබ ඇයි මට මෙලෙස කරන්නේ ඇස්ට්‍රියා , ඔබ නැවතත් සූදානම් වූයේ මේ සියලු මතක මකාලන්නට නොවේද? නැවතත්?" ඔහු ඇය දෙස බලා විමසද්දී ඇය නිරුත්තරව හඬා වැටුණා.
" අපගේ මතකවලට සමුදෙන්න ඩ්‍රයිඩන් , හෙට සිට ඔබ නව ජීවිතයක් අරඹනවා නොවේද? මා ඒවා ඉවත් කර ඔබට නිදහස ලබා දෙන්නම්." ඇය එසේ පවසද්දී ඔහුගේ දෙතොල් මත මද සිනහවක් රැඳුණා.
" ඇස්ට්‍රියා , ඔබ සිතන්නේ, මට ඒවා යළි ලබාගත නොහැකියි කියාද? කැනූටස් උයනට ගිය විට ඒ සියල්ල මට යළි මතක් වෙනවා." ඔහු එසේ කියද්දි ඇගේ වත තව තවත් අඳුරු වුණා.
" ඔබ... ඔබ දින කිහිපයකින් ඇය සමග කැනූටස් උයනට යා යුතු නොවේද ඩ්‍රයිඩන්?" ඇය ඇසුවේ ඔහුගේ දෑස් මගහරිමින්. ඔහු පෙර වතාවේ රජ පවුලේ සම්ප්රදාය ගැන ඇය හා කියූ වදන් ඇගේ මතකයේ හොඳින් රැඳී තිබුණා.
" මා ඇය සමග එහි යන්නේ නැහැ. මා ඔබේ පමණයි ඇස්ට්‍රියා , අනෙක් අතට මේ සිදු වූ සිදුවීම් සමග මා නොදන්නා යමක් මගෙන් සඟවා ඇති බවක් මට වැටහෙනවා. මා එය නිවැරදි ලෙසම සොයා ගත යුතුයි. " ඔහු සයනයෙන් නැගී සිටිමින් කියන්නට වුණා.
ඒ වෙද්දිත් සැන්දෑ අඳුර කෙමෙන් ගලා එන බව වීදුරු බිත්තිය හරහා පෙනෙන්නට වුණා. තමන් මෙතරම් වෙලාවක් ප්‍රධාන මාළිගයට යාම ප්‍රමාද කිරීම අනවශ්‍ය අවධානමක් ලෙස ඔහු කල්පනා කළා. පිය රජු කෝප වුවහොත් එලේනා හමුවී මනස නිරවුල් කරගන්නට ආ බව කියන්නට ඔහු තීරණය කළා. නමුත් සිය මවගෙන් මෙය සැඟවිය නොහැකි බව ඔහු සහතික වශයෙන්ම දැන සිටියා.
" ඩ්‍රයිඩන් , මේ අප මෙසේ හමුවන අවසාන අවස්තාව නොවේද? මා ඔබට ස්තූතිවන්ත විය යුතුයි, කුඩා කාලයේ මට යමක් තේරුම් ගත හැකි වියේ පටන් මගේ මුළු ලෝකයේම කේන්ද්‍රය වූයේ ඔබයි. ඔබ ගැන සිතිම පවා මට ශක්තියක් වුණා. ස්තූතියි .... සියලුම දේට , ඔබ කළ කැප වීමට, මා වෙනුවෙන් අපගේ පොරොන්දු නොබින්දාට ස්තූතියි . නමුත් අදින් පසු අප දෙදෙනා තවදුරටත් අපගේ නොවේ. ඔබ කැමීලියාගේ ස්වාමියා ලෙස ඇය වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරන්න. ඇයට මා නිසා වේදනාවක් අත්වන්නට ඉඩ තබන්න එපා. ඔබ දෙදෙනාගේ කතාවේ දුෂ්ට චරිතය වීමට මා කිසිසේත්ම කැමති නැහැ." ඇය සයනය මත හිඳගෙන බ්ලැන්කට්ටුවෙන් සිය ගත වසා ගනිමින් පැවසුවා.
![](https://img.wattpad.com/cover/357601064-288-k743307.jpg)
BẠN ĐANG ĐỌC
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Viễn tưởngදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡