" කුමරියනි... ඔබ ... ඔබ හොඳින් ද?" ටාරා බියපත්ව අසා සිටියා.
දෑසින් නැගුණ සතුටු කඳුළු පිසලූ ඇස්ට්‍රියා ටාරා දෙස බලා හිස සැලුවා.
" ටාරා, අපට යළිත්වරක් මුළ සිටම සූදානම් වන්නට සිදුවන හැඩයි, ඔබට හැකියි නොවේද මට සහයවන්න" ඇස්ට්‍රියා එසේ කියමින්, ඩ්‍රයිඩන් ලෝරා අත එවා තිබූ පෙට්ටියෙන් ඉවතට ගත්තේ කළු සහ රිදී පැහැ, මනරම් රාජකීය ගවුමක්. එය කැසෙන්ඩ්රාවේ අනන්‍යතාව සුන්දරව විදහා දැක්වූවා.
රෝස සහ සුදු පැහැය මිශ්‍ර ඇඳුම වෙනුවට කැසෙන්ඩ්රාවේ රාජකීය ඇඳුමින් සැරසුණ ඇස්ට්‍රියා ගේ හිස මත කුඩා කළු පැහැ හිස් පළඳනාව ටාරා තැන්පත් කළේ සිය සිතුවිලි ගාලේ පැටලී යද්දී. කෙසේ වෙතත් තම ස්වාමිදුව කුටියෙන් ඉවතට යාමට තීරණය කිරීමම ඇයට සහනයක් වුණා.
" ඔබ... වික්ෂිප්තව ඇති හැඩයි ටාරා... කුමක් ද කාරණය?"
" කිසිවක් නොවේ කුමරියනි"
" ඔබ සිතන දේ නිවැරදියි ටාරා... මා බානබස් ලොව බාරගන්නේ නැහැ. මා ඔටුන්නේ හිමිකාරිත්වය අත් හරිනවා"
" කුමරියනි???" ටාරා බියපත්ව අසා සිටියා.
" මේ සියල්ල විසඳුන පසු ඔබට අවැසි නම් එහි යන්න, නමුත් මගේ ජීවිතය ඇත්තේ මෙහියි. මා මෙහි නවතිනවා."
" කුමරියනි, අපගේ රාජ්‍ය... ඔගස්ටස් රජුගේ බලාපොරොත්තු "
" ටාරා... මගේ ඉරණම ලියවී ඇත්තේ කැසෙන්ඩ්රාවේ යි. පියරජු වුවත් අප සමග සිටියා නම් එය තේරුම් ගනීවි" ඇස්ට්‍රියා එසේ කියා ටාරා විසින් ඇය වෙත තෝරාදුන් කාලවර්ණ තෝඩුවක් මත සිය අතැඟිලි රැගෙන ගියා.
CZYTASZ
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasyදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡