අයිරිස් විශ්වයේ මංකොල්ලකරුවන් ගේ ජනාවාසයක
" කැසියස්, ආරම්භයේදීම මෙවැන්නක් සිදුවීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි" වෙස්මුහුණක් පැළඳ සිටි තැනැත්තා කෝපයෙන් කියා සිටියා.
" ඔවුන් කලබල වන්නට ඇති. අපගේ අවි පිළිබඳ ඔවුන්ව මීට වඩා පුහුණු කළ යුතුයි. මෙය වසර ගණනක් ගත වන ක්‍රියාවලියක්. එහි උච්චතම අවස්තාව තෙක් සත්ලොවින් අප වසන්ව සිටිය යුතුයි"
" කැසෙන්ඩ්රාවේ කුමරුන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න. ඔබට වැටහෙනවා නොවේද මා පවසන කාරණය?" වෙස් මුහුණක් රැඳි තැනත්තා එසේ කියමින් ඒ අඳුරු උමග තුළ නොපෙනී ගියා...
.
.
.
බානබස් හි ප්‍රධාන සුව කිරීමේ ශාලාව" ඔබට එහි යාමට ඉඩ දිය නොහැකියි , එය මේ සුව කිරීමේ ශාලාවේ ප්‍රධානියා ලෙස මගේ අණ කිරීමක්" කොලින් තිර හඬකින් කියා සිටියා.
" මෙය හදිසි අවස්තාවක්, ඔබ වැනි දුර්වල හමුදාවක් ඇති සාමයට ලැදි රාජ්‍යයකට එය නොවැදගත් වුවත් අපට මෙය භයානක තත්ත්වයක් , කරුණාකරලා මගේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම නවත්වන්න" කෝපයෙන් වදන් අමුණමින් සිටියේ ඔහු.
තෙවසරක් තුළ ඔහු තවත් හැඩිදැඩිව සිටි අතරම මුව පුරා නැගුණ මනාව කපා සකසන ලද රැවුලත්, උරහිසට මදක් ඉහළට වනතෙක්ම වැවී තිබූ තද කළු හිස කෙසුත් නිසා ඔහුගේ පෙනුම බොහෝ වෙනස් වී තිබුනා. සුපුරුදු කළු අත්වැසුම් වගේම කැසෙන්ඩ්රාවේ ආවේණික රිදී ලියවැල වැටුණ කළු ලෝගුව ඔහුගේ ශක්තිමත් සිරුර වසාගෙන සිටියා.විසි එක්වැනි වියෙහි පසුවුවත් ඔහු ඒ මොහොතේ හැසිරෙමින් සිටියේ හතලිස් වියැති යුධ සේනාධිපතියෙක් තරම් දරදඬුව.
ඔහුව දුටුවනම දිවගොස් ඔහුගේ තුරුළේ සැඟවෙන්නට ආ ආවේගය මැඩගන්නට ඇස්ට්‍රියා අධික වෙහෙසක් දරා අවසානයේ ආයාසයෙන් සිය වදන් තෙපලුවා.
" කොලින්... කුමක් ද මෙහි සිදුවන්නේ" ඇගේ හඬට සංවේදී වූ කෝපයෙන් සහ වියවුලෙන් දැවෙන ඒ ඇස් ඇය වෙත යොමු වුණා.
" ඕ.... මගේ කුමරිය... අපට ආගන්තුකයෙක් පැමිණ සිටිනවා. කතාබහ කළ හැකි එකම තුවාලකරුවා වහාම හමුවීමට අවැසි බවයි ඔහු පවසන්නෙ." කොලින් මේ කතා කරන්නේ මොහොතකට පෙර සුව කිරීමේ දෙවන අදියරට මුහුණ දුන් සෙබලා ගැන බව දැය දැන සිටියා.
![](https://img.wattpad.com/cover/357601064-288-k743307.jpg)
VOCÊ ESTÁ LENDO
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasiaදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡