ෆෙලික්ස් ගේ ආරාධනාව ඉවතලන්නට ඇයට හැකියාවක් තිබුණේ නැති නිසාම ආයාසයෙන් මවා ගත් සිනහවකින් ඇය නර්තන බිමට පිවිසුනා. ෆෙලික්ස් ට එසේ කරන්නට බල කළේ සෙලීන් සහ අවුරෝරා බව ඇස්ට්‍රියා දැන සිටියේ නැහැ.
නමුත් ෆෙලික්ස් ද යම් ව්‍යාකූලතාවක සිටි නිසා ඔහු අතින් සිව් වරක්ම පියවර වැරදී යද්දී ඇස්ට්‍රියා ගේ උස් අඩි පාවහන් පැළඳි දෙපා තුවාල වන්නට වුණා. අවසානයේ ෆෙලික්ස් සමගම ගීතය අවසන් වීමට පෙර ඇය නර්තන බිමෙන් නික්මී අසල වූ අසුනකට බර දී සිය තුවාල මායාවක් මගින් සුව කරගත්තා.
සාදය එසේ අවසන් වී සියලු දෙනා විසිර යද්දී ඇස්ට්‍රියා සැනසුම් සුසුමක් පිට කළේ එක් දිනක් එසේ නිමා වූ බව කල්පනා කරමින්. නමුත් මුළු සාදය පුරාවටම ඩ්‍රයිඩන් ගේ දෙනෙත් වරින් වර තමන් සොයා ආ බව ඇය සිහි කළේ වේදනාවෙන්.
.
.
.
.
සාදය නිමවා තම තමන්ට පවරා තිබූ මාළිගාවල කුටි බලා ගිය සත්ලොව කුමර කුමරියන් යම් රහස් කටයුත්තකට සූදානම් වෙමින් සිටියා. නමුත් ඇස්ට්‍රියා මේ ගැන දැනුවත්ව සිටියේ නැහැ.ඇරිඑලා හි සිදුවන පූජනීය ශාක අතුරුදන් වීම් සමග සයිරස් ගේ සිතෙහි වූ සැකයක් තහවුරු කරගනට ඔවුන් එදින මධ්‍යම රාත්‍රියේ බානබස් හි හීලිං මිරැකල් වනයට පිවිසුනා.
නමුත් ඔවුන්ට අත් දකින්නට සිදු වූයේ භයානක සිදුවීම් මාලාවකට.
.
.
.
.
මේ අතර සිත නිවා ගැනීමට සිතූ ඇස්ට්‍රියා බේබි රෝස පැහැ රාත්‍රී ඇඳුමත් ඒ මතින් එදින දිවා කාලයේ ඩ්‍රයිඩන් ලබා දුන් ලෝම කබායත් හැඳගෙන ට්‍රී හවුස් එක වෙත යන්නට නික්මුණා.ඔහුගේ කබාය යළි ලබා දිය යුතු වූ නමුත් එක් රැයකට එය තමන් සතුව තබා ගන්නට ඇය සිතාගත්තා.
YOU ARE READING
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasyදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡