ඇස්ට්‍රියා ඇගේ පුහුණුව ඉතා හොඳින් සිදුකරන්නට සිතාගත්තේ ඩ්‍රයිඩන් ගේ අවඥා සහගත කතන්දරවලට පාඩමක් උගන්වන අදහසින්. ඒ අතරම කැසෙන්ඩ්රාවේ වේ සුන්දර නමුත් අඳුරු තැන් සියැසින් දැක බලාගනට ඇය එමානුවෙල් සමඟ යන්නටත් අමතක කළේ නැහැ.
ඇතෙල්ස්ටන් රජු සහ ෆියෝනා බිසවගේ ආරාධනයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කෙරුණේ ඇස්ට්‍රියා යළි බානබස් වෙත පිටව යන්නට දින දෙකකට පෙර. ඒ සඳහා සහභාගී වන්නට ඇස්ට්‍රියා අදිමදි කළත් එය රාජ්‍ය මට්ටමින් අවශ්‍ය දෙයක් නිසා එලේනා කෙසේ හෝ ඇයව ඊට කැමති කරවා ගත්තා.
තද දම් පැහැයෙන් යුතු රාජකීය ගවුමකින් සැරසුනු ඇගේ හිස පළඳනාව හැඩ වුනේ දම් පැහැ මැණික් ගල් ඇල්ලූ කුඩා රිදී ඔටුන්නකින්.
වෙනත් රාජ්‍ය නිලධාරීන් සහභාගී නොවූ නිසාම ඔවුන්ව පිළිගනු ලැබුවේ ෆියෝනා රැජිණ විසින්. ඇය අසලින්ම මල් කළඹක් අත දරාගෙන නොරිස්සුම් මුහුණින් ඇස්ට්‍රියා දෙස බලා සිටියේ ඩ්‍රයිඩන් . සිය මවගේ සංඥාව මත බලෙන් මෙන් මල් කළඹ ඇස්ට්‍රියා වෙත දිගු කළ ඩ්‍රයිඩන් යළි හැරී භෝජන ශාලාවට පිටව ගියා.
" ඔබ කැසෙන්ඩ්රාවේ වේ සතුටින් සිටියාද ?" රැජිණ ඇගෙන් විමසද්දි ඇස්ට්‍රියා ඉතා සංවරව පිළිතුරු බැන්දා.
" එසේය රැජිණියනි, මගේ සීයා සහ අත්තම්මා මා වෙනුවෙන් බොහෝ වෙහෙසුනා, මා ඔබටත් රජුටත් ස්තූතිවන්ත වනවා මා වෙනුවෙන්ම භෝජන සංග්‍රහයක් සූදානම් කිරීම ගැන"
ඇය එය කියා නිමවනවාත් සමගම අත තිබූ මල් පොකුර තුළින් සීතල යමක් ඇගේ අත ගැටෙනවා සේ ඇයට දැනුනා.ඒ එක්කම ඇය දුටුවේ රුබේටා නමින් හඳුන්වන දුඹුරු පැහැ සත්ත්වයෙක් ඇගේ අත දිගේ ඉහළට ගමන් කරන බවයි. උභය ජීවියෙක් වූ ඒ සත්ත්වයාගෙ සම ඉතා සෙවල සහිත වූ අතරම, තබන පියවරක් පාසාම යම් ශ්රාවයක් නිකුත් වුණා. කැසෙන්ඩ්රාවේ උණුසුම් කාලගුණය නිසාම අත්වැසුම් නොපැළදූ ඇස්ට්‍රියා ගේ අත මත රුබේටා ජීවියා ඉහළට නැගුණා.
" ආ.... අත්තම්මා.... උදව් කරන්න..." සංවර හැසිරීම අමතක කළ ඇය උච්ච ස්වරයෙන් කෑ ගසද්දී රජ මාළිගාවේ සේවිකාවන් එක්ව ඇගේ කෑ ගැසීමෙන් බියපත්ව සිටි සත්ත්වයා ඉවත් කරනු ලැබුවා.
![](https://img.wattpad.com/cover/357601064-288-k743307.jpg)
VOUS LISEZ
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasyදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡